භාෂා පරිහානියෙහි මුල සම්මතයක් නැති වීම යි | සත්මඬල

භාෂා පරිහානියෙහි මුල සම්මතයක් නැති වීම යි

මානවයාගේ විශිෂ්ටතම නිර්මාණය භාෂාව යැයි කියනු ලැබේ. එය මිනිසාගේ බාහිර හා අභ්‍යන්තර හා සංවදනයෙහි ප්‍රධානතම මාධ්‍යය යි. එහෙයින් භාෂාව භාවිතයෙන් තොරව, එක් දවසක්, පැයක්, මිනිත්තුවක් හෝ ගත කිරීම මනුෂ්‍ය සමාජයට කළ හැක්කක් නොවේ.

උපතෙහි සිට මරණය තෙක්, උදෑසන අවදි වූ තැන සිට නිදි නොලබන තෙක් මනුෂ්‍යයෝ භාෂාව භාවිත කරති. නින්දේ දී පවා භාෂාවේ බලපෑම නැතැයි කිව නොහැකිය. කෙටියෙන් කිවහොත් මිනිසුන් කරන හැම කටයුත්තක් ම, කියන හැම ‍වදනක් ම භාෂාව හා අත්‍යන්තයෙන් බැඳී පවතී. කවර හෙයින් ද යත් මේ හැමෙකක් ම චින්තනය හා බැඳී පවතින හෙයිනි. ඉතා ම මූලික වූ හැඟීම්, දැනීම් හැර අනෙක් සකල චින්තනය ම භාෂාව මාධ්‍ය කොට ඇත්තේ ය. ශිෂ්ටාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය වන් හැම සංසිද්ධියක් ම වානව චින්තනයෙහි උත්කෘෂ්ට ඵල වේ. එහෙයින් මේ හැමෙකක් ම භාෂාවෙහි ද අග්‍ර ඵල වේ.

මෙසේ භාෂාව සියල්ල හා බැඳී ඇති බැවින් එහි ප්‍රබලත්වය හෝ දුර්වලත්වය හෝ අනෙක් සියල්ලට ද බලපෑම නොවැළැක්විය හැකිය. එමෙන් ම භාෂාව වැරැදුණු කල්හි අනෙක් සියල්ලට ද ඒ වරද අඩු වැඩි වශයෙන් බලපෑම නිසැක ය. සියල්ල හෝ භාෂාව නිවැරැදි විය යුතු යැයි කියැවෙනුයේ එහෙයිනි. භාෂාවෙහි නිරවද්‍ය ව්‍යවහාරය සෙවීම ඉතා දුෂ්කර වූ කාර්යයෙකි. එහිලා ඒකමතිකයක් නැති හෙයිනි. ඇතැමෙක් ‘සේ පියෝනන්’ (ඡේක ප්‍රයෝගයන්) ම අනුව යන්නට බලති. ඡේකයෝ නම් කවුරු දැයි හඳුනාගැනීම ද දැන් නම් මහත් පැනයෙකි. උපාධි ආදියෙන් ඡේකත්වය ලබා සිටිනා ඇතැමුනට ක්‍රියාකාරක පද සම්බන්ධය නොබිඳෙන සේ වැකියක් ගළපා ගැන්ම ද බැරි සෙයක් පෙනෙන හෙයිනි. එබැවින් ඇතැම්හු ඡේකත්වය පුරාතනයනට ම පවරා ඔවුන්ගේ ප්‍රයෝග ම ඡේක ප්‍රයෝග සේ ගනිති. ඒ ද ගැටලුවෙකි. නූතන ව්‍යවහාරය අනුව තැනෙන ඇතැම් නව භාෂා ප්‍රයෝගවල යෝග්‍යායෝග්‍යතාව පුරාතනයන්ගේ ප්‍රයෝග ඇසුරින් ම පිරිසිඳ දත නොහැකි හෙයිනි.

ඇතැමෙක් ව්‍යවහාරය - නූතන භාෂා ව්‍යවහාරය ම ඡේකත්වයෙහිලා එක ම සාධකය සේ ගනිති. ඔවුන් අනුදන්නා පරිදි, යම් භාෂා ප්‍රයෝගයක් නූතන ව්‍යවහාරයෙහි බහුල වැ යෙදේ නම් ව්‍යාකරණානුකූල වුව ද නොවුව ද එය සාධුත්වයෙන් - නිවැරැදි සේ - පිළිගත යුතුය. මෙහිලා මහත් අවුලක් පැන නඟින්නේ, ප්‍රධාන ව්‍යාකරණ රීති හා එකඟ නොවන තැනුදු ඇතැම් විට අද වහරේ සුලබ වැ දැකිය හැකි වීමය. එබඳු තැන්හිදීත් ‘වහරනුසෙරෝ ම සපයන්නට’ යෑම භාෂාවට හිතකර නොවේ. නූතන සිංහලය ඇසුරින් නිදසුනක් ගතහොත් ‘ඔහු’ යන පදය ඒක වචන උත්තයෙහි යෙදීම දැක්විය හැකිය. සිංහල ව්‍යාකරණය අනුව බලත හොත් කිසිදු තැන්හි ‘හු’ යන විභක්ති ප්‍රත්‍යය ඒක වචන උක්තයෙහි නොයෙදේ. එය උක්තයෙන් යෙදෙනුයේ බහු වචනය පිණිස ම පමණෙකි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනෙක් ‘ඔහු යයි’, ‘ඔහු ගියේය.’ වැනි වාක්‍ය ලේඛනයෙහි දී යොදත්. ව්‍යවහාරයට ම තැන දුන හොත් මෙද සාධුත්වයෙන් පිළිගන්නට සිදු වේ. ඒ වවුද එසේ ගතහොත් ව්‍යාකරණයේ මූල පදනම ම දෙදරා යයි; මෙබඳු තැන්හි දී කුමක් කෙරෙමුද?

තවද ඇතැමෙක් ඡේක ව්‍යවහාරය දැක දැක ම, නූතන ව්‍යවහාරය ද දැක දැකම එ දෙකට ම වෙනස් වැ තමාට රිසියෙන අයුරින් ලියති. අප ලියන්නේ මෙසේ යැයි එය ප්‍රාමාණික ඥානයන් ඇත්තෝ ය. තව ද කෙනෙක් භාෂාව ගැන කිසිදු හසරක් නොදත්තෝ ය. එහෙත් ඔවුහු ස්ව මත අනුව භාෂාව භාවිත කෙරෙති. රටෙහි නීතිය උල්ලංඝනය කරන්නවුන් හට දඬුවම් ලැබුණ ද, භාෂා නීති උල්ලංඝනය කරන්නවුන් හට දඬුවම් නොලැබෙන බැවින් එහිලා ගැටලුවෙකුදු නොවේ. මෙසේ ස්වමතයට අනුව භාෂාව භාවිත ‍කරන බොහෝ දෙනෙකුගේ අදහස කියන තරුණයකුගේ නම් කෙසේ ලියුවත් වරදක් නැති බව යි. එහි අවසන් පලය වන්නේ ලියන්නට සිතන දෙයත්, ලියැවෙන දෙයත් දෙකක් වීමයි. භාෂාවෙහි මූල කාර්යය ම එයින් ව්‍යර්ථ වෙයි.

භාෂාව පිළිබඳ වැ මෙතෙක් මෙසේ කරුණු දැක්වුණේ අද සිංහලය මුහුණ දෙන බලවත් ම ගැටලුව පැහැදිලි කරනු පිණිසයි. එනම් නිවැරැදි වහර කිමෙක් ද යනු නිවැරැදි වැ දැනගත හැකි මඟක් නොවීමයි. තව ද පැහැදිලි වැ කිවහොත් පොදු වැ කවුරුත් විසිනුත් පිළිගැනෙන සම්මතයක් නොවීම යි. එයට හේතු යට දැක්විණ. ඒ නම් ඡේක ප්‍රයෝගය පිළිබඳ පවත්නා මතභේදය, අත්තනෝමතය (තම කැමැත්ත) අනුව බස යෙදීම, ‘ කෙසේ ලියුවත්, කියුවත් අරුත වැටැහේ නම් ඒ පමණි’ යන අදහස යනුයි.

මේ ගැටලුව සිංහලයෙහි පැවැත්මට ඉමහත් බාධකයක් වැ පවතී. භාෂාව යනු වෙහෙස ගෙන ඉගැන්මෙන් භාවිත කළ යුත්තක් ලෙස නොසිතා පහසුවෙන් යොදන්නට සිතන්නන් මේ ගැටලුවට මුවා වී කැමැති කැමැති ලෙස කීමෙන් ලිවීමෙන් සිංහලය තව තවද පරිහානියට යයි. ‍

මෙහිදී බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන කරුණකුදු ඇත. ඒ නම් අද සහන ලේඛන - අද ලියැවෙන පොත්පත් ලිපි ආදිය අනාගතයෙහි දු කියවන ජනතාවක් සිටිනා බවයි. අප අද කැමැති කැමැති ලෙසින් ලියුවහොත් අනාගතයේ බිහි වන්නන් මේ ලියැවිලි කියවා වටහා ගන්නේ කෙසේද? ඒ දවසැ - අනුරපුර පොළොන්නරු කල්හි දී - වුසු ගත්කරුවෝ එක් සම්මතයක් නැතිව සිතෙන සිතෙන පරිදි පොත්පත් ලියුහු නම් අද අපි කෙසේ නම් ඒ කියවා වටහා ගනිමු ද? දැඩි සම්මතයක් අනුව ලියැවී තිබිය දී වුව ද අද ජනයා ඒ පත්පොත් කියවන්නේ එතරම් පහසුවෙන් නොවේ.

අනෙක් සියල්ල මෙන් ම, භාෂාව ද තාක්ෂණික වර්ධනයේ බලපෑමට හසු වීම නොවැළැක්විය හැක්කෙකි. සැබැවින් ම, ග්‍රන්ථාගත සාහිත්‍යයට ද වඩා දැන් දැන් ප්‍රබල වනුයේ ‘අන්තර්ජාල’ සාහිත්‍යය යි. ඉංගිරිසි, ප්‍රංස, ජර්මන් ආදි ප්‍රතිඡීන භාෂා මෙන්ම හින්දි වැනි ප්‍රාචීන භාෂා ද මේ විඥාපන තාක්ෂණික වර්ධනයට ගැළැපෙන පරිද්දෙන් දියුණු වෙමින් පවතී. එ වුවද සිංහලයෙන් නම් දැකිය හැක්කේ ඒ බඳු දියුණුවන් නොව පිරිහිමෙනි. එහි දු මනා හේතුවක් වැ පවත්නේ බසෙහි පිළිගත් සම්මතයක් නොවීමයි. පවත්නා සම්මතයට ද එරෙහි වන්නන්ගේ හඬ නිසා තාක්ෂණික කාර්යයේ යෙදෙන්නන් අවුලින් අවුලට වැටීම යි. එකකු එක් යෙදුමක් නිවැරැදි යැයි කියන කල තවෙකෙක් එය අද වහරට නොගැළැපෙතියි කියයි. එකෙක් සම්භාව්‍ය රීතිය යැයි ද, අද වහරෙහි යෙදෙන්නේ එය නො ව සමකාලින රීතිය යැයි ද අනෙකෙක් කියයි. භාෂාව පිළිබඳ අධිකාරීනැයි පෙනී සිටින්නන් එසේ කියන කල නිකම් බස යොදන්නෝ කුමක් කෙරෙත් ද? ඔවුහු තමනට රිසි ලෙසින්, තමන් දක්නා පමණින් කුමක් හෝ කියති.

තව ද ගැටලුවක් වෙයි. මේ ‘අන්තර්ජාල’ සමයයට ගැළැපෙන ලෙස, වඩාත් පහසුයෙන් බස යෙදීම පිණිස අක්ෂර වින්‍යාසය, පද බෙදීම ආදිය ඉබේම නිවැරැදි කැරගත හැකි පරීක්ෂක (ඛ්ඩඥජඬඥප) මෘදුකාංග නිපැදැවීමට පරිගණක විද්‍යාව දත්තෝ තැත් ගනිති. එයට ද බාධකයක් වැ පවත්නේ සිංහලය පිළිබඳ වැ බො‍හෝ තන්හි එක් සම්මතයක් නොවීමයි. එහෙයින් පරිගණකයෙන් බස ‍යොදන්නෝ සිතු ලෙස බස විහර කෙරෙති. ඔවුනට දොස් නඟා වැඩක් නොවේ. අනාගතයේ දී පොත්පත් බලා ඉගෙන සැලැකිල්ලෙන් බස යොදන්නන් ඇති වෙති යි දැන් පවත්නා තතු අනුව නම් සිතිය හැකි නොවේ. එවිට යට කී ‍විදියේ පරිගණක උපකරණ ද නැති වුවහොත්, නිරවද්‍ය භාෂා භාවිතය සිහිනයක් වනු ඇත.

සිංහලය බො‍හෝදුරට සම්මතයක් ඇති භාෂාවෙකි. සිංහලයෙහි ආරම්භය කවර කලෙක විණි දැයි ඉඳුරා කිය නොහැකි වුව ද යටත් පිරිසෙයින් කිතු වසට පෙර සියවස් තුනකවත් සිට පවත්නා ලේඛන ක්‍රමයක් දැනට විද්‍යාමාන වැ පවතී. එකල්හි අද වන තෙක් ලේඛන පරීක්ෂා කැර බලන විට මහනුවර සමය ඇරැඹුම තෙක් එක්තරා ක්‍රමයකට භාෂාව භාවිත වූ බව ඉඳුරා පෙනී යයි. ඉතා කලාතුරෙකින් විසදෘශනාවක් පෙනී යන්නේ වුව ද අක්ෂර වින්‍යාසය, පද සාධනය, වාක්‍යකරණය යන අංශත්‍රයෙන් ම සම්මත ක්‍රමයක් අනුගමනය කරනු ලැබ ඇත. වක්තෘවිවක්ෂා හෙවත් කියන්නාගේ හෝ ලියන්නාගේ හෝ කැමැත්ත අනුව නිවැරැදි යෙදුම් කිහිපයක් ඇති කල්හි ඉන් එකක් යෙදූ තැන් විනා භාෂා රීතිය ඉක්මවා ගිය තැන් බෙහෙවින් ම හිඟ ය. එවුවද පුර්තුගීසි, ලන්දේසි ආදීන්ගේ ධර්ම ශාස්ත්‍ර විලෝපනය ප්‍රමුඛ කැරගත් හේතු නිසා ඇති වූ ශාස්ත්‍ර පරිහානයත් සමඟ සිංහලය ද බෙහෙවින් පිරිහිණ. වැලිවිට අසරණ  සරණ සරණංකර සංඝරාජයන් ඇරැඹි ශාස්ත්‍ර පුනරුත්ථාපනයෙහි භාෂා සාහිත්‍ය පක්ෂය රත්මලානේ ධම්මාරාම ස්වාමීන්, වාසල මුදලි ගුණවර්ධනයන්, කුමාරතුංග මුනිදාසයන් මහනුවර සමයට පෙර වුසු වියතුන්ගේ - යෙදුම් එහිදී ඉතා සැලැකිල්ලෙන්, ඉතා සියුම් වැ විමසා බැලිය යුතුය. අද මෙන් තොග ගණනේ පොත්පත් නොලියූ ඔවුන් භාෂා සම්මතය ඉතා ඉහළින් රැකගෙන ඇති හෙයිනි. එමෙන් ම, භාෂා නීති ගැන මනා අවබෝධයකින්, මනා අවධානයකින් රචනයෙහි යෙදුණු නූතන විද්වතුන්ගේ යෙදුලු ද එහි දී මැනැවින් විමැසිය යුතු ය. පුරාතනයට වෙනස් යෙදුමක් නූතනයෙහි යෙදේ නම් ඒ කවර හෙයින් ද, එයින් සිංහලයෙහි අර්ථ ප්‍රකාශන ශක්තියට යම් බලපෑමක් වේ ද වැනි කරුණු මැනවින් සැලැකිය යුතු ය.

එබඳු කරුණු සලකා බලා ඉදිරිපත් කරන ලද සම්මත රීති මාලා දැනට ද නැත්තේ නො වේ. 1969 දී සකස් කැරුණු “සම්මත සිංහලය” 1989 දී සකස් කැරුණු “සිංහල ලේඛන රීති” එහිලා මහා නිදසුනක් වේ. සිංහලයෙහි අවාසනාවට මේ එකෙකුදු කඩදාසිය ඉක්මවා නොගියේ ය. මෙබඳු සම්මතයක් (රජයේ මැදිහත්වීමෙන්) සබල වැ ක්‍රියාවට නැංවීම හෝ නව සම්මතයක් සත්‍ය කොට ක්‍රියාවට නැංවීම හෝ ඉතා ඉක්මනින් කළ යුතු වෙයි. එ වුව ද, එයට ද පෙර කළ යුතු වඩාත් වැදගත් කාර්යයක් වෙයි. එනම් භාෂාවට ද නීතියක් ඇති බවත් භාෂාව ව්‍යවහාර කරන සියල්ලන් එය අනුගමනය කළ යුතු බවත් වහරෙහි බෙහෙවින් යෙදුණු පමණින් කවර අව්‍යවහාරයක් වුව ද සාධු සම්මත නොවන බවත් කුඩා කල සිට ම දරුවනට කියාදීම යි. නැතහොත් භාෂාවේ පරිහානිය ද එ මඟින් ජාතියේ පරිහානිය ද වැළැක්විය නොහැකි ම ය. වැන්නන් අතින් කුළුගැන්වී සිංහලය පුනර්ජීවනයක් ලද නමුදු පෙර කී පරිහානි සමයයේ නටබුන් ලකුණු සෙයින් ඇතැම් වැරැදි යෙදුම් අද ද බසෙහි කා වැදී පවතී. නිදසුනක් ලෙස අනුක්තය උක්තයට යෑම දැක්විය හැකි ය. යට දක්වන ලද පරිදි “ඔහු” ඒක වචන උක්තය ලෙස යෙදීම එහි ඵලයෙකි. එ මතු නොව “ඇය” යන අනුක්ත පදය ද උක්තය ලෙස යෙදීම ඉතා බෙහෙවින් සිදු වන්නකි. මෙතෙකුදු මෙබඳු වැරැදි නිවැරැදි නොකැරුණු හෙයින් දැන් දැන් “ඔවුන්” වැනි අනුක්ත පද ද උක්තය යෙදිය යුතු තන්හි යෙදීම විලාසිතාවක් වැ ඇත. ඇතැමුන් වෙසෙසින් තුරුණු පරපුරේ රචකයන් “මම කියමි” යන්න සාමාන්‍ය යෙදුමක් සේ ද “මා කියමි” යන්න වඩාත් ගැඹුරු, සංවේදී යෙදුමක් සේ ද සලකන බව පෙනේ. අනෙක් සියල්ලම සේ භාෂාවට ද නීතියක් ඇති බවත් ශිෂ්ට රචකයන් වීමට නම් එය රැකිය යුතු බවත් ඔවුන් නොතකන සේ ය.

මෙබඳු මහත් පරිහානියෙකින් සිංහලය වළක්වා ගැනීමට නම් අප ශබ්ද, ඇව්‍යවහාර ඉවත් කොට භාෂා විෂයයක සම්මතයක් ඇතිකළ යුතු ය. ඒ වනාහි, අත්තුක්කංසන, පරවම්භනාදියෙන් තොර ව, බසෙහි යහපැවැත්මම උදෙසා කළ යුත්තෙකි. අත්තනෝමතය, ගුරුකුල මතවාද එහි දී නො සැලැකිය යුත්තේ ය. පුරාතන විශාරදයන් ගේ - විශේෂයෙන් මහනුවර සමයට පෙර වුසූ වියතුන් ගේ යෙදුම් එහි දී ඉතා සැලැකිල්ලෙන්, ඉතා සියුම් වැ විමසා බැලිය යුතු ය. අද මෙන් තොග ගණනේ පොත්පත් නොලියූ ඔවුන් භාෂා සම්මතය ඉතා ඉහළින් රැකගෙන ඇති හෙයිනි. එමෙන් ම, භාෂා නීති ගැන මනා අවබෝධයකින්, මනා අව‍ධානයෙකින් රචනයෙහි යෙදුණු නූතන විද්වතුන්ගේ යෙදුලුදු එහි දී මැනැවින් විමැසිය යුතු ය. පුරාතනයට වෙනස් යෙදූමක් නූතනයෙහි යෙදේ නම්, ඒ කවර හෙයින් ද, එයින් සිංහලයෙහි අර්ථ ප්‍රකාශන ශක්තියට යම් බලපෑමක් වේ ද වැනි කරුණු මැනැවින් සැලැකිය යුතු ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.