නැඟෙනහිර පළාතේ නටබුන් කෙරෙන් හෙළි වන බෞද්ධ උරුමය | සත්මඬල

නැඟෙනහිර පළාතේ නටබුන් කෙරෙන් හෙළි වන බෞද්ධ උරුමය

අද ඒ නැ‍ඟෙනහිර පළාතේ වෙරළ බඩ ප්‍රදේශය ඒ යුගයේ හඳුන්වා තිබුණේ පජිනිකර යනුවෙනි. නැඟෙනහිර පළාත බැලූ විට ලංකාවේ දීර්ඝම මුහුදු වෙරළක් අයිති ප්‍රදේශයකි.

ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ සිහිපත් කරන මේ අනුස්මරණ උත්සවයේ ශාස්ත්‍රීය දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම පිළිබඳ විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය සංගමයට මම පළමුව මගේ කෘතඥතාව පිරිනමනවා. මට ලැබී තිබෙන්නේ නැගෙනහිර පළාතේ නටබුන් කෙරෙන් හෙළි වන බෞද්ධ උරුමය පිළිබඳව කතා කරන්න. මේ පිළිබඳව ප්‍රවේශයක් වශයෙන් නැඟෙනහිර පළාත යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන්න මම කැමැතියි. දකුණෙන් කුඹුක්කන් ඔය සීමා කොට ඇති, උතුරෙන් කෝකිලායි කලපුවට ගලා බස්නා වැලිඔය සීමා කොට ඇති බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයත්, ඒ වගේම පොලොන්නරුව දිස්ත්‍රික්කයත්, ඒ වගේම ඌව බදුල්ල දිස්ත්‍රික්කයත්, අනෙක් අතින් මොනරාගල දිස්ත්‍රික්කයත් යන දිස්ත්‍රික්කවලින් සීමා වූ නැගෙනහිරින් මහා සමුද්‍රයෙන් සීමා වූ ඉතා දිගම දිස්ත්‍රික්කය, පළාත වශයෙන් සැලැසෙන නැගෙනහිර පළාතට සීමා වූ මේ භූමිභාගය අප වර්තමානයේ ඉංග්‍රීසින්ගේ කාලයේ සිට බෙදා ඇති නැගෙනහිර පළාත වශයෙන් සලකනවා.

මේ පළාත අතීතයේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් රෝහණ රාජ්‍යයට අයත් වුණා. උතුරින් මහවැලි ගඟ දක්වා තීරුව පැරැණි රෝහණ රාජ්‍යයට අයත්. එතැනින් උතුරට තිබෙන කොටස රජරට ප්‍රාචීන පස්ස නමින් හැඳින්වුණු අනුරාධපුරයෙන් නැඟෙනහිර පැත්තට අයත් භූමියේ කොටසක්. අතීතයේ අනුරාධපුරයෙන් හතර පැත්ත පස්ස නමින් හඳුන්වා තිබුණා. උත්තර පස්ස - උතුරු පැත්ත, ප්‍රාචීන පස්ස, නැඟෙනහිර පැත්ත, පශ්චිම පස්ස, බටහිර පැත්ත, දක්ඛිණ පස්ස, දකුණු පැත්ත යනුවෙන්. අනුරාධපුර රාජ්‍ය කාලයේ මේ භූමිය ප්‍රාචීන පස්ස නමින් හඳුන්වන කොටස ද අද නැඟෙනහිර පළාත නමින් හඳුන්වන කොටසින් භාගයක පමණ ප්‍රමාණයක් අයත්. අනෙක් කොටස රෝහණ රාජ්‍යයට අයත්. අද නැඟෙනහිර පළාත නමින් හඳුන්වා තිබෙන්නේ පැරැණි රෝහණ රාජ්‍යයත්, අනුරාධපුර යුගයේ සලකන ලද රජරට රාජ්‍යයේ ප්‍රාචීන පස්ස නමින් හැඳින්වුණු කොටසක් එකට එක් කොට ගනිමින්. අද ඒ නැ‍ඟෙනහිර පළාතේ වෙරළ බඩ ප්‍රදේශය ඒ යුගයේ හඳුන්වා තිබුණේ පජිනිකර යනුවෙන්. නැඟෙනහිර පළාත බැලූ විට ලංකාවේ දීර්ඝම මුහුදු වෙරළක් අයිති ප්‍රදේශයක්.

ඒ වගේම ඉතාම සුන්දර මුහුදු වෙරළක්. කලපු, බොකු, වරායවල් ආදි මේවායින් ඉතා දර්ශනීය මුහුදු වෙරළක් නැ‍ඟෙනහිර පළාතට අයත්. ඒ වගේම අපි භූගෝල විද්‍යාව හදාරන විට ලංකාව වටා තිබෙන මුහුදු තීරය මහාද්වීපික සමුද්‍ර තටාකය නමින් හඳුන්වනවා. ඒ මහාද්වීපික සමුද්‍ර තටාකය ඉතාම දර්ශනීය මුහුදු තීරය තිබෙන්නේ නැ‍ඟෙනහිර පළාතේයි. ක්‍රමයෙන් ගැඹුරට යන නොගැඹුරු මුහුදු තීරයක් තිබෙන්නේ නැ‍ඟෙනහිර පළාතේයි.

ඒ වගේම අපේ රටේ ආර්ථිකය රඳා පැවැතුණේ මුල් කාලයේ කෘෂිකර්මය සහ වාණිජ්‍යය යන කරුණු දෙක මතයි. එයින් අංක 01 කෘෂිකර්මයයි. නැ‍ඟෙනහිර පළාතේ තිබෙන කුඹුක්කන් ඔයෙන් පටන් ගත් විට මා ඔය නමින් හැඳින්වෙන වැලි ඔය දක්වා මේ භූමි තීරයේ දකින්නට ලැබෙන අක්කර දස දහස් ගණනින් පැතිරුණු දැනට වනගතව තිබෙන, ඒ වගේම වැව් අමුණු සිය ගණනින් සංවර්ධනය වූ වෙල්එළි, අක්කර දස දහස් ගණනින් පැතිරුණු වෙල්එළි, පානම හැලවෙළිය වෙල්එළිය, දිගාමඩුල‍්ලේ වෙල්එළිය, පදවිය වෙල්එළි, ඒ වගේම ත්‍රිකෝණමඩු සේරුවිල ප්‍රදේශයේ වෙල්එළි වැනි පැතිරුණු මහා ධාන්‍යාගාර බවට පත්වුණු වෙල්එළිවලින් පිරි ප්‍රදේශයක්. මේ නැ‍ඟෙනහිර පෙදෙස ආර්ථික සංවර්ධනයේ මහා හාස්කම් දැක්වූ ප්‍රදේශයක්. දුටුගැමුණු රජතුමා‍ගේ යුද්ධය සම්පූර්ණයෙන්ම නඩත්තු කරන ලද්දේ දිගාමඬුල්ලේ වෙල්එළිවලින් ලැබුණු ධාන්‍ය සම්පතෙන්. ඒ වගේම මුළු ලංකාව වටේම ගලා ගෙන ගොස් මුහුදට වැටෙන ගංගා 103ක් තිබෙනවා. නැ‍ඟෙනහිර පළාත හා උතුරු පළාත දෙකම එක්කොට ගත් විට ඒ ගංගා 103න් 64ක් ගලාගෙන යන්නේ උතුරු හා නැ‍ඟෙනහිර පළාත හරහායි. මේ ගලාගෙන යන ගංගා සෑම එකක්ම මුහුදට වැටෙන තැන් පැරැණි වරායන් වශයෙන් හැඳින්වෙනවා. කුඹුක්කන් ඔය මුහුදට වැටෙන කුමන, හැඩ ඔය මුහුදට වැටෙන ශාස්ත්‍රවෙල, කරඳ ඔය මුහුදට වැටෙන, අරුගම්බේ, ගල්ඔය මුහුදට වැටෙන ගල්වරාය (කල් වරාය) කල්මුණේ, මහවැලි ගඟ මුහුදට වැටෙන තිරිකුණාමලේ, යාන් ඔය මුහුදට වැටෙන ගල් වරාය. ඒ වගේ මේ දිගට පිහිටා තිබුණු ප්‍රධාන වරායන් සහ තව අතිරේක වරායන් සමූහයක් මේ වෙරළ ආශ්‍රිතව ඔයත් මුහුදට වැටෙන තැන් ආශ්‍රය කරගෙන තිබෙනවා. මේ නිසා මේ ගංගාවලින් පෝෂණය වූ මේ නැගෙනහිර පළාත අතිශය දියලු තැනිවලින් යුතු සශ්‍රීක භූමියක්. වර්තමාන තත්ත්වය ගැන කල්පනා කර බලනවිට අපේ සංස්කෘතියේ හද බිමක් වශයෙන් සැලකීමට හැකි තත්ත්වයක් ඇති භූමියක් ගැන මම කෙටියෙන් වචන කීපයකින් සඳහන් කළේ. එමෙන්ම දර්ශනීය මුහුදු වෙරළ මෙන්ම වෙරළබඩ තැන්න නමින් හඳුන්වන වෙරළේ සිට මීටර් 30ක් පමණ රට ඇතුළට වෙන්නට තිබෙන වෙරළබඩතැන්න ලංකාවේ තිබෙන දර්ශනීයම වෙරළක්. ඊළඟට අඩතැනිවලට එනවිට තැන් තැන්වල ශේෂ කඳු නමින් හඳුන්වන කඳුගැටවලින් දර්ශනීයම වූ භූමි භාගයක් මධ්‍ය කඳුකරය දක්වා දක්නට ලැබෙන මේ ශේෂ කඳු පද්ධතිය. මේ ආකාරයට සශ්‍රීක වූ මේ භූමි භාගය අතීතයේ ජනාවාස වූයේ බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩම වීමට පෙරයි.

බුදු රජාණන් වහන්සේ බුදු වූ ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවස වන විට ලංකාවේ මේ ප්‍රදේශ සෑහෙන දුරට ජනාවාස වී තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සේරුවිල, ඒ වගේම දීඝවාපිය, ඒ වගේම පැරැණි නැ‍ඟෙනහිරට අයත් මහියංගණය, රුහුණේ තිස්සමහාරාමය මේ කියන භූමිභාගවලට වැඩම කර ඒ ස්ථාන උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර කළ භූමි භාගයන්. නිකම්ම මුඩුබිමකට බුදු රජාණන් වහන්සේ වැඩියේ නැහැ. එදා යම් මනුෂ්‍ය කොට්ඨාස මේ ප්‍රදේශයේ වාසය කළා. බුදුරජාණන් වහන්සේ‍ගේ කාලයෙන් පසු විජය කුමාරයාගේ පැමිණීමෙන් පසු ඉතිහාසය ගැන කතා කරන විට විජය කුමාරයාට පෙර ඉතිහාසයක් අපේ රටේ තිබුණු බවට ද මගේ කතාවෙන් පැහැදිලි වෙනවා.

එහෙත් ඒ ගැන පසුවට තබමු. පඬුවස්දෙව් රජතුමාට බිසවක් අවශ්‍ය වූ අවස්ථාවේ බිසවුන් ලබාගත්තේ ශාක්‍ය ජනපදයෙන්. ඒ බිසව භද්දකච්චානා කුමරියයි. භද්දකච්චානා කුමරිය ලංකාවට ගොඩ බැසීමෙන් පසුව ඇයගේ සහෝදරයන් 06 දෙනකු ලංකාවට පැමිණ පඬුවස්දෙව් රජතුමා බැහැදැක ලංකාවේ තැන් තැන්වල ජනපද පිහිටුවා ගත්තා. එයින් ජනපද කිහිපයක් මේ නැ‍ඟෙනහිර පළාතට අයත් වනවා. ගෝණ (රාමගෝණ) නමින් පිහිටුවා ඇති ජනපදය, අද අප තිරිකුණාමල ප්‍රදේශය නමින් හඳුන්වනු ලබනවා. ගෝණ නදිය නමින් මහවැලි ගඟ එදා හැඳින්වුණා. ගෝකණ්ණතිත්ථ නමින් මහවැලි ග‍ඟේ තිරිකුණාමලේ වරාය හැඳින්වුණා. ඒක දිගටම අපේ ඉතිහාසයේ එසේ හඳුන්වා තිබෙනවා. ඒ වගේම රෝහණ නමැති සහෝදරයා නැ‍ඟෙනහිර පළාතේ රෝහණ නමින් ජනපදයක් බිහි කළා.

ඒ ‍වගේම දීඝ නමැති කුමාරයා දීඝවාපී නමින් ජනපදයක් බිහි කළා. මේ ආකාරයට මේ නැ‍ඟෙනහිර පළාතේ බුදු රජාණන් වහන්සේගේ ඥාති, ශාක්‍ය පණ්ඩු ශාක්‍යයන්ගෙන් පැවැතෙන පරම්පරාවේ කුමාරවරුන් විසින් බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු නැවත වරක් අර තිබුණු ජනපදවලට අමතරව වැදගත් ජනපද ගණනාවක් බිහි කළා. රෝහණ කුමාරයා බිහි කළ ජනපදය අද මුළු රෝහණයම හඳුන්වන පොදු නමක් බවට පරිවර්තනය වී තිබෙනවා. එනමුත් දිගාමඬුලු, දීඝ ජනපදය එලෙසම තිබෙනවා. ඒ වගේම රාමගෝණ ජනපදය තිරුකෝණමලේ නමින් දෙමළ භාෂාවෙන් තිරු යොදා ගෝණ, කෝණ නමින් හදාගෙනයි අද අප පාවිච්චි කරන්නේ.

මේ සිද්ධි දෙස බලන විට මහින්දාගමනය සිදු වීමට පෙරාතුව මේ ප්‍රදේශයේ ශාක්‍ය ආර්යයන් විසින් පිහිටුවා ගත් බෞද්ධ ජනපද ගණනාවක් තිබුණු බව අපට පෙනෙනවා. එලෙස බෞද්ධ ජනපද ගණනාවක් තිබීමෙන් අපට පැහැදිලිවම පෙනී යන්නේ මේ ජනපදවල ජීවත් වූ ජනතාව බෞද්ධයන් වූ බවයි. එහෙම නම් අපට මෙයින් පැහැදිලිව තීරණය කළ හැකි වන්නේ නැ‍ගෙනහිර පළාත බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිට බෞද්ධ ජනපද පැවැති, එයින් පසුව වඩාත් බෞද්ධ ජනපද පැතිරී ගිය ප්‍රදේශයක් වශයෙන්. මේවා ඔප්පු කරන්නට තිබෙන සාධක මොනවාද?

වර්ෂ 2000දී සාගර විශ්වවිද්‍යාලයේ සචිත්තානන්ද නමැති කථිකාචාර්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් ලියා තියෙනවා. 2000 වසරේදී යැවූ මේ ලියවිල්ල 2007 වන තුරු ලංකාවේ කිසිවකු දැන සිටියේ නැහැ. මේ ලියවිල්ල ලියා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයටයි. සිංහල රට කියන මේ රට ඉස්සර දෙමළ රජවරු පාලනය කළ බව ඒ ලියැවිල්ලේ ඔහු කියා තියෙනවා. වර්ෂ 1815දී දෙමළ රජවරුන් විසින් මේ රට ඉංග්‍රීසින්ට භාරදී ඇත. වරද වී තිබෙන්නේ 1815දී දෙමළ අය විසින් භාරදුන් රට ඉංග්‍රීසීන් 1948 ආපසු භාරදෙන විට එය සිංහල අයට භාර දීමයි කියන ඔහු වරද වී ඇත්තේ ඒ බව යැයි දැඩිව පෙන්වා දෙනවා. ලංකාවේ තිබෙන සියලුම ගම් දෙමළ නම් සිංහලට පරිවර්තනය කොට තිබෙන බව ඔප්පු කරන්නට හදනවා. අම්බලන්තොට, අම්බලන්තොටෙයි, පාණදුර පාණදුරේයි, හම්බන්තොට හම්බන්තොටේයි ඒ වගේ ලංකාවේ නම් ගම් අගට දෙමළ ඌරුවේ වචනයක් දමා මේ ලියැවිල්ල මුළු ලෝකයටම ඉදිරිපත් කර තියෙනවා. විදේශීය රටවල මේ දෙමළ නිජබිම පිළිබඳ පුදුමාකාර විදියේ සංකල්පනාවක් මේ ලියැවිල්ල නිසා ඇති වී තිබෙනවා. එනමුත් 2007 වසර වන තුරු මේ ලියැවිල්ල පිළිබඳව ලංකාවේ කිසිවකු දැන සිටියේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමාට මේ ලියැවිල්ලේ පිටපතක් ලැබී ඊට පිළිතුරු යැවීම සඳහා එය අප වෙත භාරදී තිබුණා. අපේ නැ‍ඟෙනහිර පළාතේ තිබෙන සිංහල බෞද්ධ උරුමය පිළිබඳ අපි ඒ පිළිතුරේ පැහැදිලිව සටහන් කර තිබෙනවා. එය දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයට යවා ඇති මේ ලියැවිල්ල යන තුරු මේ රටේ ඉතිහාසය විකෘති කර, මේ කියන ඒවාට පැහැදිලි පිළිතුරක් අපේ රටේ කිසිම විද්වතකු ඉදිරිපත් කර නැහැ. එය ඉතාම කනගාටුවට කාරණයක්.

මා මේ කාරණය කියන්නේ නැ‍ඟෙනහිර පළාත දෙමළ නිජබිමක් කියා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පත්ෂපාතිත්වය දරන අය විශාල ව්‍යාප්තියක් මේ මතය පිළිබඳව ලෝකයේ ඇති කර තිබීම නිසයි. එනමුත් මා හිතන්නේ මේ රටේ කුඹුක්කන් ඔයේ සිට වැලි ඔය දක්වා නොවේ. එතැනින් මුළු රවුමම ගොස් අනෙක් පැත්තෙන් බටහිර වෙරළේ තිබෙන මුණ්ඩිකුලම් මෝදර ගම්මානයේ මුවදොර දක්වා මේ මහා වනාන්තරයේ ගහක් ගලක් ගානේ පයින් ඇවිද්ද මට දෙමළ නිජබිම සහ මුස්ලිම් නිජබිම කියන්න හැකි එකම සාධකයක්, පුරාවස්තුවක් හෝ වේවා, සෙල්ලිපියක් හෝ වේවා වෙන යම්කිසි දෙයක් හෝ වේවා මේ භූමියේ කිසිම තැනකදී හමු වී නැහැ.

‘සිංහල බෞද්ධ උරුමය උතුරු නැ‍ඟෙනහිර පළාත’ නමැති මගේ ග්‍රන්ථයේ අලුත්ම සංස්කරණය බලන්න. මේ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙන මේ කරුණු නැ‍ඟෙනහිර පළාතේ උතුරු පළාතේ තිබෙන අපේ උරුමය ප්‍රකාශ කරන සංකේතවලින් 10%ක් පමණයි. ඒ අනුව ඒ උරුමය පිළිබඳ කරුණු කොතෙක් නම් ප්‍රකාශ කළ හැකි දැයි පෙනෙනු ඇති.

ඒ නිසා මේ භූමියේ නිජබිම් සංකල්පය ගැන කතා කරන්න පුළුවන් පුරාවස්තුවක් හෝ වැව් අමුණක් හෝ එහෙම නැති නම් වෙනත් දේව සංකල්පයක් දක්වන සටහනක් හෝ කිසිම දෙයක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට නැහැ. ඉතිහාසය වශයෙන් බලන විට කිසිම දෙයක් පෙන්වන්නට නැති නිසා අපට දෙමළ නිජබිම ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා.

එ‍සේ නම් මේ භූමියේ දකින්න ලැබෙන්නේ මොනවා ද? කුඹුක්කන් ඔයේ සිට කෝකිලායි කලපුවට ගලා බසින වැලි ඔය නමින් හඳුන්වන මා ඔය දක්වා මේ තීරයේ දකින්නට ලැබෙන වෙහෙර විහාර පද්ධතියේ කීපයක් අප සාකච්ඡාවට භාජනය කළ යුතුයි. එක පැත්තකින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ගෙන ආ ථෙරවාදී බුදුදහම ඉතාම සශ්‍රීකව මේ නැ‍ගෙනහිර පළාතේ පැතිරී තිබුණු බවට සාධක අපට දකින්නට හැකියි. තිරිකුණාමලේ වැලි ඔය කෙළවර තිබෙන බ්‍රාහ්මීය සෙල්ලිපියක් ගත් කල ඒ බ්‍රාහ්මීය සෙල්ලිපිය කිස්තු පූර්ව දෙවැනි ශතවර්ෂයේ මුල්ම බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියැවුණු සෙල්ලිපියක් කියමු. ඒ සෙල්ලිපියේ ඇති අකුරුම, ඒ සෙල් ලිපියේ තිබෙන භාෂාවම, ඒ සෙල්ලිපියේ තිබෙන සංස්කෘතියම, කුඹුක්කන් ඔය මෝයේ බෝවත්තේ ගල නමැති ස්ථානයේ තිබෙන සෙල්ලිපියක් ගත්විට අපට දක්නට ලැබෙනවා. මේ අතර තිබෙන ඒවායේත් ඒ විදියටම දකින්නට ලැබෙනවා. නැඟෙනහිර පළාතේ දකුණු කෙළවරේ පාවිච්චි කළ අකුරු, ඒ විදියටම උතුරු කෙළවරේත් මැදත් පාවිච්චි කර ඇති බව මෙයින් පෙනෙනවා. ඒ වගේම ඒවායේ දකින්නට තිබෙන භාෂාව එක හා සමානයි. ඒ වගේම එයින් දකින්නට ලැබෙන සංස්කෘතිය මේ කියන නම්ගම්, පූජා සංස්කෘතිය මෙහි එක සමානව දක්නට ලැබෙනවා.

එහෙම නම් එකම උරුමයක් පෙන්නුම් කරන ශිලා ලේඛන පද්ධතියක් මේ නැ‍ගෙනහිර පළාත පුරාම පැතිර තිබුණ බව පෙනෙනවා. බුදු රජාණන් වහන්සේ දීඝවාපියට වැඩම කළා. දීඝවාපී භූමියේ භික්ෂුන් වහන්සේලා 500 නමක් පමණ වැඩ සිටියා. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මකව මහා විහාර සංකල්පය ගත් කල අඩුම වශයෙන් අක්කර 500ක ප්‍රදේශයකවත් මහා විහාරයක් පැතිර තිබිය යුතු යැයි කල්පනා කරනවා. දිවා විහරණය කළ රහතන් වහන්සේ 500 නමක් එක ළඟ එකට හේත්තු වෙන්න වර්තමාන සමූහ භාවනා කරනවා වගේ නොව අද හාමුදුරුවරු, ගිහියෝ එකට එක හේත්තු ‍වෙන්න සිටිමින් සමූහ භාවනා කරනවා. එනමුත් එදා මහ රහතන් වහන්සේලා සෑහෙන දුරකින් වැඩ සිටියේ. මේ අනුව දීඝවාපී පුදබිම කොතරම් විශාල ප්‍රමාණයක් පැතිර තිබෙන්නට ඇති දැයි පැහැදිලි වෙනවා. ඒ තරම් විශාල පුදබිමක් පරිහරණය කරන්න, භික්ෂුන් වහන්සේලා නඩත්තු කරන්න මොන තරම් විශාල ප්‍රමාණයක බෞද්ධ ජනපදයක් බිහි වී තිබෙන්නට ඇද්ද? දීඝවාපිය ආසන්නයේම තිබෙන ගල්ලෙන් පද්ධතියක් තුළ විශාල දීඝවාපී නගරයක් තිබුණු බවට දක්වා තියෙනවා. එය සෙල්ලිපියේ සඳහන් වන්නේ දීඝවාපී පොරණ නමින්. මේ දීඝවාපී නමැති නගරය අපේ බෞද්ධ උරුමයක් වශයෙන් ථේරවාදී බුදුදහමේ ප්‍රධාන මහා විහාර පද්ධති එකක් ලෙසට අපේ වංශකථාවල, ඉතිහාසයේ ශිලා ලේඛන ආදිය ආශ්‍රය කරගෙන අපට දකින්නට ලැබෙනවා. මිහිඳු හිමියන් වැඩියේ මිහින්තලයටයි. මේ පිළිබඳව මතභේද ගණනාවක් තිබෙනවා. පරීක්ෂණ කරන විට මිහිඳු හිමි, කුරුන්දන්මලයට වැඩි බවට ද, මැදවච්චියේ තිබෙන ඉසින්බැස්සගලට වැඩි බවට ද යනාදී මතාන්තර හමු වෙනවා. එනමුත් අප දැනට පිළිගෙන තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩි බවයි.

මිහිඳු මහරහතන් වහන්සේ හෝ උන් වහන්සේ සමඟ වැඩමවූ මහරහතන් වහන්සේ ගැන හෝ සඳහන් වන, තත්කාලීන එකම ශිලා ලේඛනයක්වත් මිහින්තලයෙන් දැනට හමු වී නැහැ. ස්වාමීන් වහන්සේලා සිවුනමකගේ නම් සම්බන්ධ වන එකම ශිලා ලේඛනයක් තිබෙනවා. එය කොටා ඇත්තේ මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් පමණ ගත වූ පසුවයි. ඒ වගේ ම නැ‍ඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල නමැති ස්ථානයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑ වර්ෂයේ මිහිඳු හිමියන් හා ඉට්ඨීය හිමියන් ගැන සඳහන් කර තිබෙන සෙල්ලිපියක් හමු වුණා.

“යේ ඉමේ දීප පටමය ඉඩිය අගතන ඉටික තෙර මහිඳ තෙරහ තුබෙ”

මෙයින් කියැවෙන්නේ මේ රටට ඍද්ධියෙන් වැඩම කළ ඉට්ඨීය හා මහින්ද හිමියන්ගේ භස්මාවශේෂ තැන්පත් කළ ථූපයයි යනුවෙන්. මේ සෙල්ලිපිය ඇත්තේ ගල්පොත්තකයි.

සෙල්ලිපිය තිබුණු තැන කැට ගල්වලින් තැනූ චෛත්‍යයක් වෙයි. අද ගඩොළු භාවිතයට පෙරාතුව එදා කැටගල් භාවිතයෙන් අපේ චෛත්‍ය තනා තිබෙන බව ද මෙයින් පේනවා. ඒ කැටගල් ගොඩ ඇති ස්ථානයේ මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨීය හිමියන්ගේ භස්මාවශේෂ නිදන්කොට චෛත්‍යයක් කරවා තිබූ බවයි ඒ සෙල්ලිපියේ කොටා තියෙන්නේ. මෙය ලංකාවේ තිබෙන පැරැණිම සෙල්ලිපිවලින් එකක්. අනෙක් අතට මේ ලිපියේ වැදගත් ශාසනික කරුණුත් පැහැදිලි කරනවා. මේ ලිපියේ පළමුව සඳහන් කර ඇත්තේ ඉට්ඨීය හිමියන්ගේ නමයි. උපසම්පදාවෙන් වැඩිමහලු හිමියන්ගේ නම මුලින් සඳහන් කිරීමේ ප්‍රතිපත්තියක් අපේ සංඝයා වහන්සේලා අතර තිබුණු බව මෙයින් අපට පෙනී යනවා.

එහෙම නම් චෛත්‍ය කරවා එය අධිගෘහිත වූ අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ට නමස්කාර කරන්නේ ස්තුති කරන්නේ කවුරුන් ද? තපස්සු භල්ලුක ‍නමැති වෙළෙඳ ගණයායි. ත්‍රපුශ්‍යකෙරේ, වල්ලිකෛර්, වණික් ගණෛඃ යනු වෙළෙඳ ගණයායි.

(පසුගිය අප්‍රේල් 29 දිනට යෙදුණු අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරු උලෙළේදී පැවැත්වූ ශාස්ත්‍රීය දේශනය ඇසුරෙන් සැකැසිණි.)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.