බටහිර සිනමාව එකලු කළ චිත්‍රපට අධ්‍යක්ෂවරු | සත්මඬල

බටහිර සිනමාව එකලු කළ චිත්‍රපට අධ්‍යක්ෂවරු

AKira Kurasowa  ජපානයෙන් බිහි වූ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ දැවැන්තම නිර්මාණය වන්නේ  Seven Samurai  චිත්‍රපටයයි. දහස් ගණනකගේ දායකත්වයෙන් පිරි කඩු සටන් රැගත් Seven Samurai  දැවැන්ත ආසියානු නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැකිය.

බටහිර සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂ චිත්‍රපට අධ්‍යක්ෂවරු ගණනාවක් අපට හමුවෙති. ඔවුන් දැවැන්ත නිර්මාණ රැසක් සිනමා ක්ෂේත්‍රයට දායාද කර ඇත.

ලෝකයේ සිනමා අධ්‍යක්ෂවරුන් අතුරින් James Camaron, Sir Ridly Scott, , ස්ටීවන් ස්පිල්බර්ග් යන අධ්‍යක්ෂවරුන් තිදෙනා ලෝක සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ දායාද කර ඇත.

Sir Ridly Scott බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. දැවැන්ත චිත්‍රපට නිර්මාණ රැසක් ඔහු අතින් බිහි වී ඇත.

Blade Runner, Thelma and Louise, Gladiator, Black Hawk down, Black rain, Kindon of Heaven, American Gangster, Robin hood සහ Prometheus  ඔහුගේ දැවැන්ත නිර්මාණ අතර වෙයි. Gladiator  සහ Kingdom of Heaven  සුවිශිෂ්ට අද්විතීය උත්කෘෂ්ට සම්මානනීය මාහැඟි නිර්මාණ වේ.  Sir Ridly Scottගේ සටන් ජවනිකා රැසක් අඩංගු Gladiator චිත්‍රපටය ලෝක සිනමාවේ සන්ධිස්ථානයකි. රජවරුන්ගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන ග්ලැඩියේටර්, ආරක්ෂකයකුගේ අනුවේදනීය ජීවිත කතාව Gladiator  චිත්‍රපටයෙන් විස්තීරණය කර ඇත.

මෙහි එන සටන් ජවනිකා අතිශය උද්වේගකර හා අනුවේදනීය දර්ශන රැගත් ඒවා වේ.

Gladiatorගේ චරිතයේ ඇති මනුෂ්‍යත්වය අචල තිරසාර බව, සිය ස්වාමියා දිවිහිමියෙන් රකින සටන්කාමී බව මෙන්ම කඩු ශිල්පයෙහි කෙළ පැමිණි  Gladiator වරයකුගේ ශූර වික්‍රමාන්විත භාවය මේ චිත්‍රපටය මඟින් විශද වෙයි.

ග්ලැඩියේටර්වරයකුට තම දිවි දෙවැනි කොට සිය ස්වාමියා ආරක්ෂා කරන විට සිය පවුල වෙත යෑමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ග්ලැඩියේටර්ගේ අප්‍රතිහත ධෛර්යය සිඳින්නට ඔහුගේ පවුල ඝාතනය කර ඔහුගේ රණ ශූරත්වය මෙන්ම ආත්මය ද පාගා දමන්නට ගත් උත්සාහය Ridly Scott  සිය නිර්මාණයේ ඉතා උද්වේගකර දර්ශන මවමින් ඉදිරිපත් කර ඇත. Sir Alfrad Hitchcock බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ නිර්මාණවල විශේෂත්වය වන්නේ මනෝ විද්‍යාත්මක කතා රැසක් ඔහු අතින් බිහිවී තිබීමයි.

හිච්කොක් අමෙරිකාවේ හොලිවුඩ් පුරයට පැමිණියේ වර්ෂ 1939දී ය. 1955දී ඔහු අමෙරිකාවේ පුරවැසියකු බවට පත් විය.

The man who Knew too much (1934) The 39 Stps (1935) The Birds, Dial M for Murder, Family Flot ඔහුගේ නිර්මාණ අතර සුවිශේෂ වෙයි.

මනෝ විද්‍යාත්මක මෙන්ම රූප රාමුවෙන් රාමුවට කුතූහලය දනවන ලෙස ඔහු සිය නිර්මාණ හැඩ කළේය. ඔහු ප්‍රශස්ත ස්වයං දර්ශනයක් සහිත අධ්‍යක්ෂවරයෙකි.

James Camaron අතිවිශිෂ්ට අධ්‍යක්ෂවරයෙකි. ඔහු ජගත් කීර්තිය දිනූ අධ්‍යක්ෂවරයකු වන අතර දැවැන්ත නිර්මාණ රැසක් ලොවට දායාද කළේය.

Terminator (1984) චිත්‍රපටයට පවුම් මිලියන 6.5ක් වැය වී ඇති අතර එය මිලියන 78ක ආදායමක් ඉපයීය. Titanic The Abyse (1989) First Blood part (II), Terminator Part (II) පවුම් මිලියන 200ක ආදායමක් ඉපයීය. Avator  (2009) බොක්ස් ඔෆිස් වාර්තා රැසක් බිඳ හෙළීය. මෙමඟින් මිලියන 749.7 ආදායමක් ලැබිණි. කැමරන්ගේ චිත්‍රපටිවල විශේෂත්වය වන්නේ නවතම තාක්ෂණික මෙවලම් මෙන්ම නව තාක්ෂණ උපක්‍රම භාවි‍ත කර තිබීමයි. ඔහුගේ  Avator චිත්‍රපටය දැවැන්ත නිර්මාණයක් මෙන්ම වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටයක් ලෙස ද වාර්තා පොතට ඇතුළත් විය.

 Ingmar Bergman ස්වීඩනයෙන් බිහි වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු විසින් චිත්‍රපට 60ක් අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ නිර්මාණ අතර  Virgin Sprin (1960) Through a Glass Darkly (1961) Fanny and Alexander (1983) wild straw barries (1957) Seventh Seal (1957) Brink of life (1958) යන චිත්‍රපට සඳහා සම්මාන රැසක් ඔහුට ලැබිණි.

AKira Kurasowa ජපානයෙන් බිහි වූ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ දැවැන්තම නිර්මාණය වන්නේ Seven Samurai  චිත්‍රපටයයි. දහස් ගණනකගේ දායකත්වයෙන් පිරි කඩු සටන් රැගත්  Seven Samurai  දැවැන්ත ආසියානු නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැකිය. ඔහු සහාය අධ්‍යක්ෂවරයකු තිර රචකයකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත. කුරසෝවාගේ නිර්මාණ අතර ර Rashoman (1950) Ikiru(1952) Seven Samurai (1954) Yojmbo (1961) Kgemusha (1980) Ran (1980)  කැපී පෙනෙයි.  Yojimbo  රණශූරයකුගේ විශිෂ්ට සටන් දර්ශන ඇතුළත් චිත්‍රපටයකි.

ඔහු සම්මාන රැසක් ලබාගත් අධ්‍යක්ෂවරයකු වන අතර  Rashoman, Seven Samurai, Yojimbo විශිෂ්ටතම නිර්මාණ ලෙස පිළිගැනේ.

Federico Fellini  ඉතාලි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.  Variety Lights, La doice vita, La strade (1954) Nights of Cabriria (1957) Giuli etta Masina යන නිර්මාණ සම්මානයට පාත්‍ර විය. ඔහු හාස්‍යෝත්පාදක කතා පුවත් මැවීමේ රුසියෙකි.

 Orson wells අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එමෙන්ම ජනප්‍රිය නළුවෙකි. ඔහුගේ ප්‍රථම චිත්‍රපටය Citizen cane (1941) දී නිෂ්පාදනය කෙරිණි. මෙය ලෝකයේ චිත්‍රපට අතර සන්ධිස්ථානයක් වුණු නිර්මාණයක් ලෙස විචාරකයෝ හඳුන්වති.  The Stranger, The Magnificent amber sons (1942) Third man (1949) Touch of Evil (1958) Aman for the seasons (1966) ආදි නිර්මාණ සම්මානයට පාත්‍ර විය.

Sir Peter Jackson නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු නිෂ්පාදකයකු, තිරකතා රචකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය.  Heavenly Creatures, Bad taste, Lord of the rings, The return of the King (2003) ඔහුගේ නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවූවකි. Brain dead, King Kong, Forgotton Silver (1995) The lovely Bonse (2009) යන නිර්මාණ රැසක් සම්මානයට පාත්‍ර විය. ඓතිහාසික කතා මෙන්ම හිතලු නිර්මාණවලට දැඩි ආසක්ත බවක් දැක්වූ අධ්‍යක්ෂවරයෙකි, පීටර් ජැක්සන්. ඔහුගේ  Lord of the rings අතිශය ජනාදරයට පත් විය.

ස්ටීවන් ස්පිල්බර්ග් දැවැන්ත නිර්මාණ කළ අමෙරිකානු අධ්‍යක්ෂවරයෙකි. War Horse, Saving the Private Rayan, Shindalars list, Sun of Empire, Jurasic Park, Starwars  ඔහුගේ දැවැන්ත නිර්මාණ අතරට එක්වෙයි. v දැවැන්ත නිර්මාණ වන අතර ආදායම් වාර්තා තැබූ ඒවාය. නවීන තාක්ෂණය මෙන්ම නවීන උපකරණ භාවිත කර ඇති ඔහුගේ නිර්මාණ ලොව පුරා කතාබහට ලක්විය. Christopher Nolan තිරකතා රචකයකු ලෙස ද ප්‍රසිද්ධ විය. මනෝ විද්‍යාත්මක හා සමාජීය පරිසරය ඔහුගේ නිර්මාණවලට විෂය වෙයි. Doodle Bag (1997) Unemployed Yong Writer (1998) Momento (2000) Dark Knight  යන චිත්‍රපට සම්මානයට පාත්‍ර වී ඇත.

Tim Burfon ‍අමෙරිකානු ජාතික අධ්‍යක්ෂවරයෙකි. Sleepy Hollow, Batman, Corpse Bride, Big Fish, Planet of Apes, Charly and the chocolate factory, Alice in the wonder land, Dark shadows, Big eyes  සම්මානනීය නිර්මාණ අතරට වැටෙයි.

Francis Ford coppola අමෙරිකානු අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ God father  අතිශය ජනාදරයට පත් විය. God father part II, The out siders, The cotten Club, විශේෂිත නිර්මාණ අතරට වැටෙයි. ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර ඉහත කී අය ප්‍රධාන වෙයි.

 
 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.