මිනිසාට ජල සම්පත් අහිමි වේ ද? | සත්මඬල

මිනිසාට ජල සම්පත් අහිමි වේ ද?

මිනිසාගේ තත්වාසයට අනුව පෘථිවිය හැරුණු කොට අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් අනෙකුත් ග්‍රහ ලෝකවල ජලය ඇති බවක් පෙන්නුම් නොකරයි. එසේ නම් පෘථිවියට පමණක් ජලය ලැබුණේ කෙසේ ද? ඇතැම් විද්‍යාඥයන්ගේ මතය නම් මෙයට වසර බිලියන 4-5කට පෙර පෘථිවිය නිර්මාණය වීමත් සමඟ විශ්වයේ පිහිටි දැවැන්ත හිමකඳු කීපයක් ඒ මත කඩා වැටීමෙන් ඵලය පෘථිවියට ලැබෙන්න ඇත යන්න ය. එහෙත් තවත් විද්‍යාඥයන්ගේ මතය වන්නේ පාථිවිය බිහි වූදා පටන්ම එහි ජලය තිබුණු බව ය. කෙසේ නමුදු පාථිවි තලයේ ¾ක් පොළොව වැසී ඇත්තේ ජලයෙනි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සරසවියේ ආචාර්ය හලිස් හසින් කරන්න යෙදුණු පර්යේෂණයකට අනුව ප්‍රකාශ කර ඇත්තේ පෘථිවිය බිහි වන විටත් එහි ජලය තිබුණ බව ය. විශ්වයේ තිබුණු ජලජ අංශු බද්ධ වී පසු කාලයකදී ඒවායින් පෘථිවිය නිර්මාණය වූ බවත් තමන් සොයා ගත් දත්තවලට අනුව පෙනී යන බව ආචාර්ය හලීස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඔහු මේ නිගමනවලට එළැඹෙන්නේ කැනේඩියානු වෙරළ ඔබ්බෙන් පිහිටි ඩැපික් දූපතෙන් සොයා ගත් යමහල් පාෂාණ නිසා ය. එමෙන්ම අයිස්ලන්ත ලාවා පර්යේෂණයට යොමු කර ඉන් අවශ්‍ය දත්ත සොයාගත් බව ද ඔහු ප්‍රකාශ කරයි. මේ පාෂාණ වූකලි ඈත අතීතයේ සිට පොළොවට යට වී තිබුණු ඒවා වූ අතර කිසිවකුගේ පහසක් මෙයට නොලැබුණු බවත් ය. කෙසේ නමුදු බොහෝ විද්වතුන්ගේ නිගමය වී ඇත්තේ ජලය පෘථිවියට බැහැර වී නොලැබුණු බවයි. කෙසේ නමුදු ඔවුන් පවසන්නේ පෘථිවිය ජලය සමඟ නිර්මාණය වී නම් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහයන් සහ අකාශ වස්තු ඒ ආකාරයෙන්ම බිහි වන්න ඇත යන්නයි.

ජලය යැයි කියා දෙයක් මිහි මත බිහි නොවන්න මිහි මත මිනිස් ජනන වෙනස් මුහුණුවරක් ගන්නවා නොඅනුමාන ය. මිනිසා ඇතුළු බොහෝ ජීවීන් ජීවත් වන උණුසුම තුළ ජලය දියරයක් වශයෙන් පැවතීම ඇත්ත වශයෙන්ම පුදුම උපදවන ක්‍රියාවලියකි. එක්තරා උණුසුම් සීමා ඉක්මවා සීතල රත් කළ නව වායුවක් බවටත් ජලය පෙරළෙයි. මේ සීමා දෙක අතර ජලය දියරයක් වශයෙන් පවතින්නේ අංශක සියයක ප්‍රමාණයකි.

අවශේෂ මල ද්‍රාව්‍ය හා සංයෝග සමඟ සැසදීමෙන් පෙනී යන්නේ මෙය විශාල සීමාවක් බව ය. එමෙන් ම අන් බොහෝ සංයෝගවල දක්නට නැති එයටම ආවේණික ප්‍රභේද රාශියක් ජලයේ අන්තර්ගත වී ඇති බවයි. සරල වායු දෙකක් වූ හයිඩ්‍රජන් හා ඔක්සිජන් 2:1 යන අනුමානයට සංයෝග වීමෙන් ජලය නිර්මාණය වන්නේ ය.

පෘථිවි තලයේ 75%ක්ම නැත්නම් හතරින් තුනක්ම ඇත්තේ ජලයයි. ඉන් බීමට ගත නොහැකි ජල ප්‍රමාණය 97%කි. බීමට ගත හැකි ජලය 3%කි. මේ අතුරින් ද ජල පාරිභෝගිකයන්ට භාවිතයට ගත හැක්කේ ඉන් 01% පමණි.

ඉතිරි තුනෙන් දෙක ම අයිස් හා ග්ලැසියර ලෙස තැන්පත් වී ඇත. කෙසේ වෙතත් ලොව ඇති සම්පූර්ණ ජල ධාරිතාව සහ කිලෝමීටර් 1424192640 ඬථ ප්‍රමාණයකි. ලොව පුරා අපිරිසුදු ජලය පානය කරන්නේ ආසන්න වශයෙන් මිලියන 1.2 ප්‍රමාණයකි. මේ නිසා අපිරිසුදු ජලය නිසා ලොව පුරා වසරකට මරණයට පත් වන්නන් ආසන්න වශයෙන් මිලියන 2.2කි. ලොවපුරා රෝහල්වලින් හරි අඩක් වෙන් වන්නේ අපිරිසුදු ජලය පරිභෝජනය හා සනීපාරක්ෂක පහසුකම් නිසි ලෙස නැතිකමෙන් රෝගාතුර වන්නන්ට ය. උප සහරා කලාපයේ 40%කට පිරිසුදු ජල පහසුකම් නැත. කෙසේ වෙතත් මේ සියලු කරුණු කාරණාවලින් අපට පැහැදිලි වන්නේ වසර 2025 වන විට ලෝක සමස්ත ජලහනයෙන් තුනෙන් දෙකකට (2/3) පිරිසුදු ජලය සොයාගත නොහැකි වේ දැයි අවදානමක් පවතින බවකි.

ලෝකයේ පවතින ජලාශ්‍රිත ප්‍රදේශ පිළිබඳ සලකා බැලී‍මේදී ඒවා කෘත්‍රිම හා ස්වාභාවික ජලාශ පහත් බිම් තෙත් බිම් හා ගංගා ඇළ දොළ වශයෙන් වර්ග කොට දක්නට හැකි බව ය.

වර්තමානයේ ලෝකයේ ප්‍රධාන ගංගාධාර 26ක් හදාරනය වී ඇති අතර ඒ ගංගාධාර 26 ලෝකයේ සියලු මහාද්වීප පුරාම ව්‍යාප්ත වී ඇත. මේ ගංගා ධාරාවන්ගෙන් ගංගා 263 ප්‍රමාණයක් පැන නැඟී ඇත.

දිනෙන් දිනට ලොවපුරා ජලය හිඟවෙමින් පවතී. උතුරු අප්‍රිකාවේ සහ බටහිර හා දකුණු ආසියාවේ මේ තත්ත්වය තවත් උග්‍ර ය. වසර 2025 වන වට ලෝක ජලගහණයෙන් 3/2 එනම් බිලියන 5.5 පමණ ප්‍රමාණයක් ජල හිඟයෙන් පීඩා විඳිනු ඇත. ජලය ජනනයට අවශ්‍ය සාධකයක් වන්නේ ය. එයට ආදේශ කළ හැකි කිසිවක් මිහි මත නැත.

පෘථිවියේ 70%කට වැඩිය ඇත්තේ ජලයෙනි. ඉන් 97.5% ලවණ ජලයෙන් පෝෂණය වී ඇත. ඉතිරි සියයට 2.5%ක් කඨින ජලය ද, ඉන් ¾ක් අයිස් පර ස්වරූපයෙන් පවතී. බිලියන 1.1 දෙනාට එනම් ලෝක ජනගහනයෙන් හයෙන් එකකට පවිත්‍ර ජලය නොලැබේ. බිලියන 2.4ක් දෙනාට එනම් ලෝක ජනගහනයෙන් 40%කට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නැත. අනාරක්ෂිත ජලය හා අසතුටුදායක සනීපාරක්ෂක පහසුකම් නිසා ඇති වන ලෙඩ රෝගවලින් සැම දිනකම ළමයින් 6000ක් පමණ මරණයට පත් වෙයි. සෑම වසරක් පාසාරෝගාබාධවලට ගොදුරු වන ජන සංඛ්‍යාව කෝටි 25 ඉක්මවයි. විශේෂයෙන් සංවර්ධනය වන රටවල සියලු රෝගාබාධවලින් සියයට අසූවකට (80%)හේතුව අනාරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව ය. පසුගිය ශත වර්ෂයේදී ජල පරිභෝජනය හය 

ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ පරිභෝජලය ජනගහන වර්ධන අනුපාතය මෙන් දෙගුණයකටත් වැඩි බව ලේඛන පිරික්සීමේදී පැහැදිලි වී ඇත. වි‍ශේෂයෙන් ගම්බඳව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය වැනි ප්‍රදේශ දකුණු ආසියාවේ බංග්ලාදේශය වැනි රටවල ස්ත්‍රීන් හා ළමයින් ජල හිඟයෙන් වඩාත් බැට කෑ ජන කොටස් ලෙස පෙනී යයි.

බොහෝ ගම්බද ප්‍රදේශවල විශේෂයෙන් ගැහැණු ළමයින්ට හා සිසුන්ට ජලය සොයා සැතපුම් ගණන් ඈත යෑමට සිදුවී ඇත. ඇත්ත වශයෙන්ම මේ ඛේදවාචකය ලෝක බැංකු වාර්තාවලට අනුව මේ තැන් පටන් රටවල් 80ක ජනතාවගේ සෞඛ්‍ය හා ආර්ථිකය, ජල හිඟයක තර්ජනයට ලක්ව ඇති බව ය. ලෝක ජනගහනයෙන් 40%ක් පමණ පිරිසුදු පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ද නොලැබෙන බවත් තිබෙන ජල ප්‍රමාණයද දූෂණයට ලක් වෙමින් පවතී. ඇළ දොළ ගංගා ආදි ස්වාභාවික ජල සම්පත් නාගරික හා වාණිජ කෘෂිකර්මාන්තය මෙන් ම කාර්මීකරණය ද නිසා අපවිත්‍ර වන බවත් විශේෂයෙන් පෙනී ගිය කරුණකි. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනෙන අධික රසායන පොහොර හා කෘෂිනාශක ජල මාර්ග දූෂණයට ලක් කරයි. එමෙන් ම නාගරිකකරණය හේතුවෙන් විවිධ අපද්‍රව්‍ය ජලයට මුසු වීමද ඉහළ අගයක් ගෙන ඇත. බොහෝ කර්මාන්තශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය පිරිසුදු කිරීමකින් තොරව මුදා හැරීම ද ජලය අවපාත වීමට ප්‍රධාන වශයෙන් බලපායි. තිබෙන සීමි ජල සම්පත පවා මේ ආකාරයෙන් දූෂණයට ලක් වීම ප්‍රශ්නය තවත් උග්‍ර වීමක් බව පැහැදිලි ය.

එමෙන් ම ලෝකයේ නගරවලින් 95%ක්ම මල ප්‍රවාහන කටයුතු ද ඍජුවම ජල මාර්ගවලට මුදා හැර ඇති බව පැහැදිලි වී ඇත.

කෙසේ නමුත් කිව යුතුව ඇත්තේ අනාගතයේ ජනතාවට මුහුණදීමට සිදු වන ඉතා අනතර්ථකාරී ප්‍රතිඵලවලින් මිදිය හැකි වනුයේ ජලය අපිරිසුදු කිරීමෙන් වැළකීම මෙන් ම ජල අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම හා ජල කළමනාකරණය ඉතා වැදගත් කර්තව්‍යයක් බවයි. ජලය සඳහා මිලක් අය කිරීමට යෝජනා ඇතත් ජලය සෑම මිනිසකුගේම අයිතියක් නිසා ඒ සඳහා නීති සම්පාදනය කිරීම ද අනර්ථකාරී ක්‍රියාවලියක් බව පෙනී ගොස් ඇත.

කෙසේ නමුත් ජලය නිසි ලෙස කළමනාකරණය කිරීම ජලය අපතේ යැවීම වැළැක්වීමට හා ජල සම්පත රැකගැනීමට ජනතාව මෙන් ම දේශපාලන අධිකාරිය ද නොවළහා ක්‍රියාකාරී විය යුතු ය. ජල ප්‍රශ්නයට පිළියමක් ලෙස අවසාන වශයෙන් කිව යුතු වන්නේ අන්තර් ජාතික වශයෙන් මෙන් ම රටවල් වශයෙන් ද ඒක පුද්ගල වශයෙන් ද සෑම දෙනකුගේම ක්‍රියාකාරිත්වය මෙහිලා ඉතා වැදගත් මෙන් ම වටිනාම කාරණය ද වන බව ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.