මාර්තු ගිවිසුමයි පෙබරවාරි පෙරළියයි | සත්මඬල

මාර්තු ගිවිසුමයි පෙබරවාරි පෙරළියයි

සිංහලේ රජුගේ ජීවිතයට අනතුරක් හෝ නමට කැලලක් වන කිසිම කටයුත්තකට සහභාගි වීමට ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් ප්‍රෙඩ්රික් නෝර්ත් අකැමැති විය. තමන් රජු හැර අන් කිසිවකු සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු නොවන බව ද ආණ්ඩුකාරවරයා තවදුරටත් කියා සිටියේ ය.

ලක්දිවට මුලින්ම පා තැබූ ඉංග්‍රීසි ජාතිකයා රැල්ෆ්කිච් නමැත්තා ය. ඔහු 1589 වසරේදී මෙහි ආවේ ආක්‍රමණශීලි පිළිවෙතකට නොව වෙළෙන්දෙක් වශයෙනි. වර්ෂ 1796 පෙබරවාරි 16 දින වන විට මෙරට ලන්දේසි සියලු ප්‍රදේශ පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට අත්විය. ඉංග්‍රීසින්ගේ මීළඟ අවශ්‍යතාව වූයේ උඩරට යටත් කරගැනීමයි. පෘතුගීසි, ලන්දේසි ආදීනට ද එහි වැදගත්කම පෙනුණ ද ඒ හැකියාව ලැබූයේ ඉංග්‍රීසි ජාතීන් ය.

නායක්කාර් වංශිකයන් බලයට ආ පසු උඩරට ‍රදලවරුන්ට මහජන ප්‍රසාදය වැඩි වූ අතර නායක්කාර් වංශිකයන් විදේශීය පිරිසක් ලෙස සැලකිනි. රදලයෝ නොයෙක් අතින් කැපී පෙනුණහ. රජුට පමණක් දෙවැනි වූ පිළිමතලාවේ අදිකාරම් සිංහල රාජවංශය යළි ඇති කිරීමේ මහත් වූ අභිලාෂයෙන් වෙළී ගියේ ය.

නායක්කාර් වංශික රාජාධිරාජසිංහ රජ ඔහු විසින් නෙරපා හැරි නමුදු සාමුහික එකඟ බවක් නොපැවැති උඩරට අනෙකුත් රදලවරුන්ගේ විරෝදතා මැද ඔහුට සිහසුන ලැබීමට නොහැකි විය. රජුගේ මරණයෙන් කලකට පසු රජුගේ ඥාති පුත්‍රයකු සිහසුන අරවා තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරවමින් අවස්ථාව ලත් විට බලය තමා සතුකර ගැනීමට ඔහුගේ අදහස විය. 18 හැවිරිදි කන්නසාමි නම් වූ මේ කුමරා ශ්‍රී වික්‍රමරාජසිංහ නම් විය.

රජු මරා ඉංග්‍රීසින්ට යටත් රජකු ලෙස පාලනය ගෙන යෑමේ අදහසට ඉංග්‍රීසිහු අකැමැති වූහ. සිංහලේ රජුගේ ජීවිතයට අනතුරක් හෝ නමට කැලලක් වන කිසිම කටයුත්තකට සහභාගි වීමට ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් ප්‍රෙඩ්රික් නෝර්ත් අකැමැති විය. තමන් රජු හැර අන් කිසිවකු සමඟ කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා බලාපොරොත්තු නැති බව ද ආණ්ඩුකාරවරයා තවදුරටත් කියා සිටියේ ය. රජු හා ඉංග්‍රීසින් අතර ගිවිසුමක් ඇති කිරීමට තැත් කළත්, රජු එයට අකැමැති වීම පිළිමතලව්වේගේ අදහස ක්‍රියාත්මක කිරීමට බාධා විය. ඉංග්‍රීසින් කුපිත කරවන කටයුතු කොට ඉංග්‍රීසින්ගේ උපකාරයෙන් රජ සිහසුනත් පහ කර බලයට ඒම ඔහුගේ අදහස විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ද නායක්කර් වංශිකයන්ට වැඩි සැලකිලි දැක්වීමත් අන්‍යයකු ජාතිකයකුගේ ක්‍රියාවලිය උඩරට රදලවරුන්ගේත්, ජනතාවගේත් සිත් නොසන්සුන් කළේ ය.

රාජාධිරාජසිංහ රජුගෙන් පසු තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය යමකු රජකරවීමට රහසින් ගෙන ගිය ව්‍යාපාරය නිසා මෙපරිද්දෙන් අන්‍ය ජාතිකයකුට සිහසුන හිමි විය.

පිළිමතලව්වේ මහ අධිකාරම් දෙසට හැරෙමු.

1802 අප්‍රේල් මස පුත්තලමේ සිට උඩරටට ගිය මුස්ලිම් වෙළෙඳුන් කණ්ඩායමකගේ පුවක් තොගයක් ඔහු විසින් රාජසන්තක කරන ලදි. අලාභයට වන්දි ගෙවන ලෙස ඉංග්‍රීසින් විසින් රජුට දැන්වුවත් ඒ ඉටු නොවීය. ඒ හේතුවෙන් 1803 වර්ෂයේදී උඩරට ආක්‍රමණය කළත් අසාර්ථක විය.

උඩරට රජු ද පිළිමතලව්වේ මහ අදිකාරම් හා බියෙන් පසු විය. මහනුවර සිට ඉංග්‍රීසින් පහසුවෙන් බේරී ගියේ ඔහුගේ ක්‍රියා නිසා යැයි රජු කල්පනා කළේ ය. උඩරට අධිපති බලය නැඟී එනු දුටු රජ ඒ මැඩීමට කටයුතු කළේ ය. සත්කෝරලයේ පැන නැඟි කැරැලි මර්දනය කිරීමට පිළිමතලව්වේ සමත් වීම ගැන පිළිමතලව්වේ කෙරෙහි මහත් ඊර්ෂ්‍යාවක් රජුට විය.

පිළිමතලව්වේගේ අදහස වූයේ තමාට නොහැකි නම් තම පුතාටවත් සිංහලයේ රජකම ලැබිය යුතු බවයි. මේ සඳහා හේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මිනිබිරියක තම පුතාට විවාහ කරදීමට අදහස් කළේ ය. පුවත දත් රජු කෝපව ඔහු අධිකාරම් ධුරයෙන් ද ඉවත් කොට දගගෙයි ලවා පසුව නිදහස් කළේ ය. උඩරැටියන් කැරැලි ගසතැයි බියෙන් රජ ඔහු මරණීය දණ්ඩනයට පත් නොකළේ ය. එහෙත් ඔහු රජතුමා රහසින් මැරවීමට කළ කුමන්ත්‍රණය හෙළි වීමෙන් පිළිමතලව්වේ මරණයට පත් විණි.

තමා අකැමැති වුවත් උඩරට අධිපති බලය නිසා මහඅදිකාරම් ධුරය ඇහැළේපොළ දිසාවට පැවැරීමට රජතුමාට සිදු විය. ඔහුගේ බලය මර්දනය පිණිස රජු කළේ දෙවැනි අදිකාරම් ලෙස ඇහැළේපොළගේ විරුද්ධවාදියකු වූ මොල්ලිගොඩ පත් කිරීම ය.

රජුගේ දෙවැනි විවාහයේදී ඇහැළේපොළ මහාඅදිකාරම් විසින් යැවුණු තෑගි බෝග ගැන අසතුටු වූ රජතුමා ඒවා යළි ආපසු එවී ය. රජු තමා ගැන අප්‍රසාදය දක් වන බව ඇහැළේපොළ මහඅධිකාරම්ට වැටහිණි. රජු විසින් ඔහු සබරගමුවට පිටත් කර යවන ලදි. එහි වැසියන්ගෙන් රාජ නියෝග ලෙස හඳුන්වමින් විවිධ බදු අය කළ අතර රජතුමා ඔහුට අගනුවරට පැමිණෙන ලෙස දැන්වීය. ඇහැළේපොළ මහඅදිකාරම්තුමා එය ඉටු නොකළ අතර රජතුමා ඔහු තනතුරෙන් නෙරපා ඒ ධුරයට මොල්ලිගොඩ අදිකාරම්තුමා පත් කළේ ය.

කාලයක් තිස්සේ ඉංග්‍රීසින් සමඟ ලියුම් ගනුදෙනු කළ ඇහැළේපොළ සබරගමුවේ කැරලි ඇති කළේ ය. ඇහැළේපොළ ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට රජතුමා වෑයම් කළත් ඔහු හසු නොවී ඉංග්‍රීසින් වෙත පලා ගියේ ය.‍

‍කෝපයෙන් තැවුණු රජ මහඅදිකාරම්තුමාගේ බිරිය සහ දරුවන් අමානුෂික අන්දමින් මරණයට පත් කළේ ය. කැරලිකරුවන් 43 ක් ද, සත්කෝරලයේ තවත් 73 ක් ද මරණයට පත් කළා පමණක් නොව ඉංග්‍රීසින් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීම පිළිබඳ යම් යම් හෝ සැකසහිත පුද්ගලයකු වී නම් ඔවුන් ද මරණයට පත් කළේ ය.

රජුගේ ක්‍රියාකලාපය වැසියන්ගේ සිත් නොගත්තේ ය. රජ දළදා මාලිගය සතු දේපළ පවරා ගත්තේ ය. සංඝයා වහන්සේ මැරවී ය. මරණ දඬුවම බෞද්ධ පූජනීය ස්ථාන අසලදීම කරන ලදි. බෞද්ධ ග්‍රන්ථ පුලුස්සා දැමී ය. වැසියන්ගේ චිත්ත ධෛර්ය හීන කිරීමට වෑයම් කළේ ය. භික්ෂූන් වහන්සේත්, පොදු ජනතාවත් රදලවරුත් එක සේ රජු පිළිබඳ මහත් අප්‍රසන්නතාවක් දැක්වූහ.

සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා උඩරට යටත් කර ගැනීම පිළිබඳ සිද්ධියේ පසුබිම වූයේ එපරිද්දෙන් ජනතාවගේ අප්‍රසාදය රජු වෙත පැවැතීම ය.

උඩරට රාජධානිය තමනට යටත් කරගැනීම මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඉංග්‍රීසින්ගේ මුල සිටම පැවැති අපේක්ෂාවකි. බලය පැවැතියත් එසේ කිරීම ඔවුන්ට රිසි නොවීය. සිංහල අත්සනක් මඟින් එය ඉටු කරවා ගැනීමට නෝර්ත් මෙන්ම බ්‍රවුන්රි ආණ්ඩුකාරතැනගේ උපදෙස් පරිදි ජෝන් ඩොයිලි ද ගෙන ගියේ එබඳු ව්‍යාපාරයකි. පිළිමතලව්වේගේ මෙන්ම ඇහැළේපොළගේ ද හැඟීම වූයේ රජතුමාට විරුද්ධව යුද්ධයක් කිරීමට ඉංග්‍රීසින්ගේ කැමැත්ත ලැබීමට අවස්ථාවක් සකස් කරගැනීම ය.

1814 වසරේදී පහතරටින් ගිය වෙළෙඳුන් දස දෙනකුට රජු විසින් හිරිහැර කරන ලදි. ඉන් හතරදෙනෙක් මඟදී මිය ගිය අතර තුන්දෙනෙක් ආණ්ඩුකාරතුමාට එය සැල කළහ.

නියම තතු නොසෙවූ ආණ්ඩුකාරතුමා උඩරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශක ආඥාවක් කළේ ය. 1815 ජනවාරි 10 වැනිදා දිනැති යුද්ධ ප්‍රකාශනයේ කරුණු රැසක් අඩංගු විණි. මෙහි ගැබ් වූයේ උඩරට ගිවිසුමේ අඩංගු කරුණුවල සම්පිණ්ඩනයක් වන අතර මෙබඳු කරුණු දක්වමින් අදහස් කළේ උඩරට ප්‍රධානීන් හා සාමාන්‍ය ජනයා ඉංග්‍රීසි ධජයට අවනත කරගැනීමේ අදහසිනි. එවැනි පියවරක් ගැනීමට හේතු දැක් වූ ඒ ප්‍රකාශය උඩරැටියන්ගේ අනුකූලතාව දැක්වීමක් ලෙස එසේ කළ බැව් කියා පෑවේ ය.

උඩරැටියන්ට වාසිදායක ලෙස කරුණු පෙන්වමින් ඒ ප්‍රකාශය කළත් යුද හමුදා සේනාව ළංවත්ම බොහෝ වැසියෝ ගෙවල් දොරවල් හැර දමා පළා ගියහ.

අභිනව පාලන ක්‍රමය සිංහලයාට මහා නුරුස්සන සුලු විය. ගිවිසුම මඟින් බලාපොරොත්තු අපේක්ෂා ඉටු නොවීම මත උඩරට ප්‍රධානීන්ගේ ද භික්ෂූන් වහන්සේගේ ද සාමාන්‍ය ජනතාවගේ ද මහා කලකිරීම, ඔස්සේ ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් ඇරැඹිණි.

අඬන්න ඉන්නා මනුෂ්‍යයාට ඇඟිල්ලෙන් ඇන්නා සේ කලකිරී පුපුර පුපුරා සිටින ජනතාවට සිංහලයන් හා මුස්ලිම්වරුන් අතර පැවැති අසමගිය කැරැල්ලට තුඩු දුන්නේ ය.

ඉංග්‍රීසි හමුදාවට ආහාරපාන ගෙන්වීමට ආධාර වූ මුස්ලිම් වෙළෙඳුන්ගෙන් වෙල්ලස්සේ දිසාපති ප්‍රමුඛව රදලවරු අයුතු බදු, දඩ මුදල් ගැනීම සිරිතක් කර ගත්හ. මුස්ලිම්වරු ඒ අවහිරයෙන් මිදීම පිණිස ඔවුන්ගේම අයකු උසස් මුලාදෑනියකු ලෙස පත් කරන සේ ඉල්ලා සිටියහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා හජ්ජි මරික්කාර් නම් තැනැත්තකු මුස්ලිම්වරුන්ගේ මුහන්දිරම් කෙනකු ලෙස පත් කළේ එහෙයිනි. මේ ක්‍රියාව උඩරට සාමාන්‍ය ජනතාවගේ සේම රදල ආදි පාලකයන්ගේ ද බලවත් අප්‍රසාදයට වෛරයට හේතු විය.

සිංහල රජ පරපුරේ කෙනකු යැයි මහජනයාට අඟවමින් බෞද්ධ ශ්‍රමණවරුන් දසදෙනකු සමඟ වෙල්ලස්ස වන ප්‍රදේශයේ සැරිසරන අමුත්තකු ගැන සැල වූයෙන් ඔහු ඇල්ලීම පිණිස යටකී හජ්ජි මුහන්දිරම්ව සිංහලයන් විසින් අල්ලා ගන්නා ලදි. අනතුරුව බදුල්ලේ උපරැසිඩන්ට් විලියන් තෙමේ ජා භට හමුදාවක් සමඟ පිටත් විය. මේ අවස්ථාව වන විට වෙල්ලස්ස පළාතම කැරැලිවලින් යුතු ය. ඔහුගේ ගමනින් පලක් නොවීය. පෙරළා එන හේ අතරමඟදී සිංහලයන් විසින් විද මරනු ලැබී ය. ඉන් එකෙක් වූ ප්‍රධාන රැසිඩන්ට් ජෝන් ඩොයිලි ආයුධ සන්නද්ධ විශාල හමුදාවක් සමඟ ඌවේ මහ දිසාපති කැප්පෙටිපොළ නිලමේ කැරැලි මර්දනය පිණිස පිටත්කර හැරී ය.

සිදු වූයේ කුමක් ද? කැරලි මැඩ පැවැත්වීමට ගිය කැප්පෙටිපොළ නිලමේට සිංහලයන්ගේ ක්‍රියාවේ වැදගත්කම පෙනිණි. ස්වදේශීය ඒ සහෝදර ජනතාවගේ උදාරම් බස නිසා කැප්පෙටිපොළ නිලමේගේ ජාතිකාභිමානය මතුව ආවේ ය. කැප්පෙටිපොළ නිලමේ ඇහැළේපොළ නිලමේගේ ඥාති සහෝදරයෙකි. රට ජාතිය ගැන කැක්කුම මතු වුණු කැප්පෙටිපොළ ආයුධ හා සේනාව ආපසු ජෝන් ඩොයිලි වෙත යවමින් සිංහලයන්ගේ පක්ෂය ගෙන ක්‍රියා කළේය. මෙය ඉංග්‍රීසින්ට කිසිදු සැනසිල්ලක් ගෙන‍ නොදුන්නකි. කැප්පෙටිපොළ නිලමේ කැරැල්ලට සම්බන්ධ වීම මත අධිපතිහූ ප්‍රසිද්ධියේම කැරල්ලට සහභාගි වූහ. ඉංග්‍රීසින්ට පක්ෂව සිටියේ මොල්ලිගොඩ නිලමේ පමණි. ඒ ඇහැළේපොළ හා තමා අතර පැවැති පෞද්ගලික අමනාපය නිසා විය හැකි යැයි ඉතිහාසඥයෝ පවසති. තත්ත්වය දරුණුවත්ම ඇහැළේපොළ නිලමේ ගැන පවා සැක කළ ඉංග්‍රීසිහු ඔහු කොළඹ යැවූහ.

තුන් කෝරෝලය, සතර කෝරලය ආදි පළාත් කීපයක් හැර උඩරටම අයිති හැම ප්‍රදේශයකම කෲර ලෙස සටන් පැතිරිණි. මේජර් මැක්ඩොයිලිගේ යුද භටයන් එකවරම කිහිපදෙනා බැගින් දරුණු වධදී මරුමුවට පත් කළහ. වලපනේ දුම්බර ආදි පළාත්වල තත්ත්වය අතිශය භයානක විය. ගොඩගෙදර අදිකාරම්, කිවුලේගෙදර අදිකාරම් ආදි වීරෝදාර සිංහල ජනනායකයන් 18 දෙනෙක් කැරැල්ලට සහභාගි වී අභීත ලෙස සටන් කළහ.

කැරැල්ල ඇරඹුණේ සිංහලයන්ට යම් යම් වාසි පැවැති අවස්ථාවක ය. මේ වකවානුවේ මෙරට බ්‍රිතාන්‍ය භට සංඛ්‍යාව අඩු ය. ගංගා උතුරා යෑමෙන් හමුදා යැවීම්, ගමන් බිමන් සියල්ලට බාධා විය. පණිවිඩ හුවමාරුවට කැරලිකරුවන්ගෙන් මහත් බාධා විය. අහිතකර කාලගුණය, ලෙඩ දුක්, ආහාරපාන හිඟය බලපාන්න විය. සිංහලයන්ගේ හැංගි හැංගි කරන සටන් මර්දනය අසමත් ඉංග්‍රීසිහු උඩරැටියන්ගේ ගෙවල් දොරවල් අටුකොටු ගම්බිම් විනාශ කළහ; දවාලූහ.

තත්ත්වය ඉතා බිහිසුණු තැන 1818 පෙබරවාරි 21 ආණ්ඩුකාරතුමා යුද්ධ නීතිය පැනවී ය. කැරැල්ලට සහභාගි නොවූ අධිපතින් කැඳවා කැරැල්ල මැඩීමට සහාය දෙන ලෙස බැගෑපත් ලෙසින් ඉල්ලී ය.

කැරැල්ල මැඩලීමට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විවිධ පියවර ගත්හ. 1818 පෙබරවාරි 26 දාසිට මාර්තු 07 දක්වා කැප්පෙටිපොළ හා මැක්ඩොල් යන අයගේ හමුදා අතර දස දිනක බිහිසුණු සටන් විය. මාතලේ හා සත්කෝරලේ කැරැලි ඉතා දරුණු විය. මැයි ජූනි ජූලිවලදී උඩරට තත්ත්වය භයානක විය. මොල්ලිගොඩගේ සහාය නොවී නම් ඉංග්‍රීසින්ට මෙරට අත්හැර යෑමට පවා සිදු වන තැනට කරුණු යෙදිණි. අගෝස්තු සැප්තැම්බර් වන විට තත්ත්වය මඳක් මඟ හැරිණි. බෙංගාලයෙන් හා මදුරාසියෙන් හමුදා පැමිණීමෙන් ඉංග්‍රීසින්ගේ තත්ත්වය සතුටුදායක විය. 1818 නොවැම්බර් වන විට කැරැල්ලේ අවසානය විය. කැරැල්ල බිඳ වැටීමට හේතු කීපයක්ම විය. රජ පරපුරේ යැයි කී යට කී අමුත්තා පහත් කුලයක හීරළුවකු බව ‍හෙළි විය. කැරලි නායකයෝ අතර සමගියක් නොවීය. එකිනෙකා අතර අමනාපයෙන් කැරැලිකරුවෝ පිරිස් ලෙස භේදබින්නව ගියහ. කැරලි නායකයෝ එකා දෙන්නා ක්‍රමයෙන් ඉංග්‍රීසින් අතට හසුවන්න වූහ. ඔක්තෝබර් 30 දින කැප්පෙටිපොළ හා පිළිමතලව්වේ ද, නොවැම්බර් 01 දින මඩුගල්ලේ නිලමේ ද අල්ලා ගැනීමෙන් පසු කැරැල්ල මැඩපැවැත්විණි. ඔවුන්ට තදබල දඬුවම් පවරනු ලැබී ය. දන්ත ධාතූන් වහන්සේගේ අයිතිය පවා ඉංග්‍රීසිහු නතුකර ගත්හ. ක්‍රමයෙන් උඩරට නොසන්සුන්තාව දුරු වූයෙන්1819 පෙබරවාරි 12 යුද නීතිය අවලංගු කෙරිණි.

දෙපක්ෂයම අලාභ වින්දාහ. වැඩි අවාසිය උඩරැටියන්ට ය. ඔවුන්ගේ ගෙවල් දොරවල් වතුපිටි සියල්ල විනාශ විය. ඉංග්‍රීසින් 1000ක් මළත් සිංහලයන් 1000කට අධික බව කියැවේ. ඉංග්‍රීසින්ට උඩරට අයත් වූ පසු වූ ප්‍රබල කැරැල්ල මෙය ය.

මෙය සැබැවින්ම ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදීමට ගත් පරිශ්‍රමයකි. සම්භාවනීය පාලන ක්‍රමයක් වෙනුවට හදිසියේ සූදානමක් නැතිව වෙනත් පාලන ක්‍රමයක් දීමෙන් භයානක බව මේ කැරැල්ලෙන් පිළිබිඹු වේ. මහනුවර ගිවිසුම කඩාකප්පල් වන තැනට මං පාදවමින් වැඩුණු ඒ සියල්ල ඉතා බලගතු එකක් විය. ඉංග්‍රීසිහු එය ක්‍රෑර ලෙස මැඩපැවැත්වූහ. ඒ ක්‍රෑරත්වය කෙබඳු ද කියතොත් “ඉංග්‍රීසි ලේඛකයෝ එය විස්තර කිරීමට පවා ලැජ්ජා වෙති” යි විද්වත්හූ (ලංකා ඉතිහාසය - බ්‍රිතාන්‍ය යුගය - එන්. ජී. පෙරේරා පියතුමා එස්.ජේ. ප්‍රකාශනය සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පි.75) පෙන්වා දෙති. කැරැල්ලෙන් වූ ඉංග්‍රීසි බලයේ පිරිහීමත් එය යළි පෙර තත්ත්වයට ගෙන ඒමට දරන්න යෙදුණු පීඩන ගැනත් සලකන විට මහනුවර නියම විධිමත්ව යටත් කරගැනීම මේ කැරැල්ලෙන් වූ ලෙස ඉංග්‍රීසි ලේඛකයෝ සඳහන් කරති.

වර්ෂ 1818 පෙබරවාරි සිට 1819 පෙබරවාරි දක්වා වර්ෂයක් පමණ යුද නීතිය පැවැතිණි. ඒ භයානක “පෙබරවාරි පෙරළිය” සාර්ථක වී නම් ලංකා ඉතිහාසය මීට වඩා වෙනස් අන්දමින් ලියැවෙනු ඇත.

ස්වාධීනත්වය උදෙසා ඒ සටන මෙහෙයවූයේ උගතුන් නො වේ. ඉංග්‍රීසින්ගෙන් බැට කෑ හද්දා පිටිසර ඌවේ වැසියන් අතිනි. එහෙයින්ම මෙය ඓතිහාසික ඌවේ කැරැල්ල, ඌවේ මහ සටන ආදි ලෙස ද මේ මහා පෙබරවාරි පෙරැළිය ලෙස ද හැඳින්වෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.