පුරාවස්තු ජාවාරමේ අන්තර්ජාතික ස්වභාවය | සත්මඬල

පුරාවස්තු ජාවාරමේ අන්තර්ජාතික ස්වභාවය

ශ්‍රී ලංකාව මෙන් ම ඉන්දියාව ද මේ ජාවාරමේ ගොදුරක් බවට පත් වී තිබේ. වරක් චෙන්නායි වරායෙන් සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබූ නැවකට පැටවීමට සූදානම් කර තිබූ හාල් මිටි 600ක ප්‍රමාණයක් රේගුවේ පරීක්ෂාවට ලක් විය. එහිදී දැකගත හැකි වූයේ ඒ අතර හාල් මිටි ඇත්තේ 50ක් පමණක් බවත්, අනෙකුත් ඇසුරුම්වල සඳුන් දැව කැබලි සහ පුරාවස්තු රාශියක් අසුරා ඇති බවත් ය.

පුරාවස්තු කොල්ලය ශ්‍රී ලංකාවේ උරුමය නසාලන පිළිකාවක් ලෙස සඳහන් කළ හැකි ය. මෙය අද ඊයේ ඇතිවූවක් නොව කාලාන්තරයක් තිස්සේ අප සමාජ දේහයේ වර්ධනය වූ ව්‍යාධියකි. මෙය කලින් කලට ඉස්මතු වන අතර අද ඇති වී ඇත්තේ එහි වර්ධිත තත්ත්වයකි. මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ දේශසීමා ඉක්මවා ගිය මෙවැනි ව්‍යාධියෙන් සමස්ත මානව ශිෂ්ටාචාරය ම අනතුරකට මුහුණදී ඇති ආකාරයයි.

පුරාවස්තු කොල්ලකන්නේ බොහෝ විට ඒවා රහසින් විදෙස් රටවලට අලෙවි කිරීම සඳහා ය. ඒ නිසා මේ තත්ත්වය පුරාවස්තු ජාවාරම ලෙස හැඳින්විය හැකි ය. මේ ජාවාරම අද සැලකෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා ව්‍යාපාරය, නීති විරෝධී සංක්‍රමණ වැනි ලෝකව්‍යාප්ත අපරාධ ගණයටයි. මෙය වැළැක්වීම සඳහා අන්තර්ජාතික පොලිසියේ(ඉන්ටර්පෝල්)විශේෂ අංශයක් ඇති අතර, අන්තර්ජාතික නීති සහ ප්‍රඥප්ති කීපයක් මඟින් ද මෙය මැඬලීමට පියවර ගනියි.

මේ ජාවාරමෙන් විනාශ වන්නේ ශ්‍රී ලංකාව වැනි අභිමානවත් අතීතයක් සහිත රටවල උරුමයයි. ඉන් පෝෂණය වන්නේ අමෙරිකාව, යුරෝපය ප්‍රමුඛ බලවත් රටවල පෞද්ගලික කෞතුකාගාර සහ ධනවතුන්ගේ විසිත්ත කාමර ය. ඒ රටවල් අනුගමනය කරන නිහීන ආනයන ප්‍රතිපත්තිය මේ තත්ත්වය උග්‍ර කිරීම සඳහා හේතු වී ඇත. නිදහස් වෙළෙඳාම නමින් රටට අනෙකුත් රටවලින් පුරාවස්තු නිදහසේ රැගෙන ඒමටත්, ඒවා විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමටත් අවස්ථාව සලසා තිබීම මඟින් සාධාරණ වෙළෙඳුන් මෙන් ම ජාවාරම්කරුවන් ද එකසේ ප්‍රයෝජන ලබන බව ඔවුන් තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව මෙන් ම ඉන්දියාව ද මේ ජාවාරමේ ගොදුරක් බවට පත් වී තිබේ. වරක් චෙන්නායි වරායෙන් සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබූ නැවකට පැටවීමට සූදානම් කර තිබූ හාල් මිටි 600ක ප්‍රමාණයක් රේගුවේ පරීක්ෂාවට ලක් විය. එහිදී දැකගත හැකි වූයේ ඒ අතර හාල් මිටි ඇත්තේ 50ක් පමණක් බවත්, අනෙකුත් ඇසුරුම්වල සඳුන් දැව කැබලි සහ පුරාවස්තු රාශියක් අසුරා ඇති බවත් ය.පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය විශාල වශයෙන් මේ ජාවාරමෙන් පීඩා විඳින අසල්වැසි රටවල් දෙකකි. “පුරාවස්තු කොල්ලයට එරෙහිව අප ඉක්මනින් පියවර නොගත හොත් ගාන්ධාර කලාව මුළුමනින්ම විනාශ වනු ඇතැයි” වරක් පෙෂවෝර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සඳහන් කළේ ය. ඒ මේ කොල්ලයේ භයානක බව පෙන්වා දීමට ය. පාකිස්තානයේ චර්සදා ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යා ගවේෂණයේදී හෙළිදරව් වූයේ ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන 144න් 89ක් ම කොල්ල කා ඇති බවත්, ඉන් 26ක් මුළුමනින් ම විනාශ කර ඇති බවත් ය. ඇෆ්ගනිස්තානයේ දේශපාලන අස්ථාවර බව සහ සරණාගතයන් විශාල වශයෙන් පාකිස්තානයට සංක්‍රමණය වී පදිංචි වී සිටීමත් නිසා පුරාවස්තු කොල්ලකරුවන්ට සුදුසු පසුබිමක් එහි නිර්මාණය වී ඇත. වරක් පෙෂවෝර් ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් වාණිජ වටිනාකමකින් තොර, අත්කම් භාණ්ඩ ලෙස නම් කොට තිබූ විශාල යකඩ පෙට්ටි හයක් පරීක්ෂා කිරීමේදී ඒවා ඇතුළේ වටිනා පුරාවස්තු අසුරා ඇති බව හෙළිදරව් විය. මේවා ඩුබායි සහ ෆ්‍රැන්ක්ෆට් හරහා ලන්ඩනයට රැගෙන යෑමට සූදානම් කර තිබුණේ ය.

නේපාලයට අයත් ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා හතරක් 2000 වර්ෂයේදී අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නගරයේ කෞතුකාගාරයක තිබී හමු විය. මේවා රහසින් පිටමං කළ පුරාවස්තු බව හෙළිදරව් වීම නිසා නැවත නේපාලයට භාරදීමට කෞතුකාගාර නිලධාරීහු කටයුතු කළහ. රහසින් රටකින් පිටමන් කරන පුරාවස්තු නැවත මෙලෙස ලබාගත හැකි වන්නේ ඉතා කලාතුරකිනි.

චීනය පුරාවස්තු කොල්ලකරුවන්ට මරණ දඬුවම පමුණුවයි. එයට අනුබල දෙන තැනැත්තන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදෙයි. මෙලෙස මරණ දඬුවමට ලක් වූ අය අතර පුරාවස්තු සොරකම් කොට හසු වූ කෞතුකාගාර නිලධාරීහු ද සිටිති. චීනයේ සිට පුරාවස්තු ජාවාරම මෙහෙයවීම අසීරු වීම නිසා වර්තමානය වන විට හොංකොං නගරය මේ ජාවාරම්කරුවන්ගේ මූලස්ථානය වී ඇත. ඇතැම් චීන පුරාවස්තු හොංකොං සිට මෙන් ම මැකාවෝ දූපත හරහා ද බටහිර වෙළෙඳපොළ කරා පටවන බව හෙළිදරව් වී ඇත.

තිස් අවුරුදු යුද්ධයකට මුහුණදුන් කාම්බෝජයේ ද පුරාවස්තු කොල්ලකරුවෝ බෙහෙවින් ක්‍රියාකාරීව සිටිති. මේ සඳහා දූෂිත හමුදා නිලධාරීන්ගේ සහාය ද ලැබෙන බව ප්‍රකට රහසකි. වරක් කාම්බෝජ, තායිලන්ත දේශසීමාවෙන් ගමන් කරමින් තිබුණු ලොරි රථයක් පරීක්‍ෂා කරද්දී එහි සඟවා තිබී කාම්බෝජ පුරාවස්තු සිය ගණනක් සොයා ගැනිණි. තව ද තමන්ට අවශ්‍ය පුරාවස්තුවේ ඡායාරූපයක් රැගෙන මේ ජාවාරම්කරුවන්ට ලබාදුන් පසු, මසක් ඇතුළත ඔවුන් ඒ පුරාවස්තුව සොරකම් කර එය අවශ්‍ය පුද්ගලයාට ලබාදීමට තරම් සූක්ෂ්ම ය. කාම්බෝජ රජය මේ තත්ත්වය මැඬලීම සඳහා විශේෂ කාර්යය සාධක බලකායක් පිහිටුවා ඇති අතර තායිලන්ත රජයේ සහාය ද ඒ සඳහා ලබාගත්තේ ය. තායිලන්තය හරහා කාම්බෝජ පුරාවස්තු පිටමං කිරීමට අපහසු වන විට සිංගප්පූරුව හරහා එය සිදු කිරීමට ජාවාරම්කරුවන් උත්සුක වී ඇත.

මැදපෙරදිග කලාපයේ සිදු වන පුරාවස්තු කොල්ලය ඉතා විශාල ය. 1991 ගල්ෆ් යුද්ධය අවස්ථාවේ ඉරාකයේ කෞතුකාගාර නවයක් ගිනි තැබූ අතර ඒවායේ තිබූ 3000ක් පමණ පුරාවස්තු අතුරුදන් විය. යුද පසුබිම මත පුරාවස්තු කෙරේ රජයේ අවධානය ගිලිහී යෑම නිසා ඉන් ප්‍රයෝජනය ගත් ජාවාරම්කරුවෝ පුරාවස්තු සොයා ඉරාකයේ පිටිසර ප්‍රදේශවල සිය ගණනක් මිනිසුන්ව “කුහුඹුවන් පොළොව හාරන්නාක් මෙන්” පොළොව හෑරීමට යොදා ගත්හ.

ලෙබනනයට ඛණිජතෙල් හැරුණු විට ආදායම උපද වන අනෙක් ප්‍රධාන ම මාර්ගය වී ඇත්තේ එරට පුරාවස්තු ය. එහෙත් මේ සම්පත නිර්ලජ්ජිත ලෙස කොල්ලකෑමට ලක්ව ඇත. පසුගිය යුද සමයේ එහි තිබුණු පුරාවස්තු අතුරින් 10,000කට අධික ප්‍රමාණයක් අතුරුදන් වීමෙන් මේ බව පැහැදිලි ය. ලෙබනනයේ සිටින අපරාධ කල්ලි අසල පිහිටි සිරියාවේ පුරාවස්තු ද කොල්ලකෑමේ නිරත වන බවත්, මේ ජාවාරම ධනවත් ව්‍යාපාරිකයන් මෙහෙයවන බවත් හෙළිදරව් වූ විශේෂ කාරණයකි. 1998 වර්ෂයේදී සිරියාවේ සිට කැනඩාවට රහසින් රැගෙන ගිය පුරාවස්තු 39ක් කැනේඩියානු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ය.

පුරාවස්තු කොල්ලයෙන් ඊජිප්තුවට ද ගැලවීමක් නැත. එරට ද ඇතැම් ධනවත් ව්‍යාපාරිකයෝ මේ ජාවාරම සමඟ සම්බන්ධ වී සිටිති. කයිරෝ නගරයට සැතපුම් 400ක් ඔබ්බෙන් පිහිටි ක්යිතා නමැති ස්ථානයේ කොල්ලකරුවෝ පුරාවස්තු හාරමින් සිටියහ. ඒ කොල්ලකරුවන් පිරිසව පොලිසිය වටලනු ලැබූ අවස්ථාවක කොල්ලකරුවකුගේ වෙඩිපහරින් පොලිස් නිලධාරියකු ද ජීවිතක්ෂයට පත් වී ඇත. මෙහි දී හෙළිවුණු කාරණය නම් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සයදෙනකු සඳහා එය මෙහෙයවූ ජාවාරම්කරුවා, එක් පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් 1000 බැගින් මුදල් ලබාදී ඇති බවයි.

තුර්කිය ද පුරාවස්තු ජාවාරම්කරුවන්ගේ තිප්පොළකි. මැදපෙරදිග රටවල පුරාවස්තු යුරෝපය සහ අමෙරිකාව බලා යැවෙන එක් මධ්‍යස්ථානයක් වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය විශාල වශයෙන් මේ ජාවාරමෙන් පීඩා විඳින අසල්වැසි රටවල් දෙකකි. “පුරාවස්තු කොල්ලයට එරෙහිව අප ඉක්මනින් පියවර නොගත හොත් ගාන්ධාර කලාව මුළුමනින්ම විනාශ වනු ඇතැයි” වරක් පෙෂවෝර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සඳහන් කළේ ය. ඒ මේ කොල්ලයේ භයානක බව පෙන්වා දීමට ය. පාකිස්තානයේ චර්සදා ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යා ගවේෂණයේදී හෙළිදරව් වූයේ ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන 144න් 89ක් ම කොල්ල කා ඇති බවත්, ඉන් 26ක් මුළුමනින් ම විනාශ කර ඇති බවත් ය. ඇෆ්ගනිස්තානයේ දේශපාලන අස්ථාවර බව සහ සරණාගතයන් විශාල වශයෙන් පාකිස්තානයට සංක්‍රමණය වී පදිංචි වී සිටීමත් නිසා පුරාවස්තු කොල්ලකරුවන්ට සුදුසු පසුබිමක් එහි නිර්මාණය වී ඇත. වරක් පෙෂවෝර් ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් වාණිජ වටිනාකමකින් තොර, අත්කම් භාණ්ඩ ලෙස නම් කොට තිබූ විශාල යකඩ පෙට්ටි හයක් පරීක්ෂා කිරීමේදී ඒවා ඇතුළේ වටිනා පුරාවස්තු අසුරා ඇති බව හෙළිදරව් විය. මේවා ඩුබායි සහ ෆ්‍රැන්ක්ෆට් හරහා ලන්ඩනයට රැගෙන යෑමට සූදානම් කර තිබුණේ ය.

නේපාලයට අයත් ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා හතරක් 2000 වර්ෂයේදී අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නගරයේ කෞතුකාගාරයක තිබී හමු විය. මේවා රහසින් පිටමං කළ පුරාවස්තු බව හෙළිදරව් වීම නිසා නැවත නේපාලයට භාරදීමට කෞතුකාගාර නිලධාරීහු කටයුතු කළහ. රහසින් රටකින් පිටමන් කරන පුරාවස්තු නැවත මෙලෙස ලබාගත හැකි වන්නේ ඉතා කලාතුරකිනි.

චීනය පුරාවස්තු කොල්ලකරුවන්ට මරණ දඬුවම පමුණුවයි. එයට අනුබල දෙන තැනැත්තන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදෙයි. මෙලෙස මරණ දඬුවමට ලක් වූ අය අතර පුරාවස්තු සොරකම් කොට හසු වූ කෞතුකාගාර නිලධාරීහු ද සිටිති. චීනයේ සිට පුරාවස්තු ජාවාරම මෙහෙයවීම අසීරු වීම නිසා වර්තමානය වන විට හොංකොං නගරය මේ ජාවාරම්කරුවන්ගේ මූලස්ථානය වී ඇත. ඇතැම් චීන පුරාවස්තු හොංකොං සිට මෙන් ම මැකාවෝ දූපත හරහා ද බටහිර වෙළෙඳපොළ කරා පටවන බව හෙළිදරව් වී ඇත.

තිස් අවුරුදු යුද්ධයකට මුහුණදුන් කාම්බෝජයේ ද පුරාවස්තු කොල්ලකරුවෝ බෙහෙවින් ක්‍රියාකාරීව සිටිති. මේ සඳහා දූෂිත හමුදා නිලධාරීන්ගේ සහාය ද ලැබෙන බව ප්‍රකට රහසකි. වරක් කාම්බෝජ, තායිලන්ත දේශසීමාවෙන් ගමන් කරමින් තිබුණු ලොරි රථයක් පරීක්‍ෂා කරද්දී එහි සඟවා තිබී කාම්බෝජ පුරාවස්තු සිය ගණනක් සොයා ගැනිණි. තව ද තමන්ට අවශ්‍ය පුරාවස්තුවේ ඡායාරූපයක් රැගෙන මේ ජාවාරම්කරුවන්ට ලබාදුන් පසු, මසක් ඇතුළත ඔවුන් ඒ පුරාවස්තුව සොරකම් කර එය අවශ්‍ය පුද්ගලයාට ලබාදීමට තරම් සූක්ෂ්ම ය. කාම්බෝජ රජය මේ තත්ත්වය මැඬලීම සඳහා විශේෂ කාර්යය සාධක බලකායක් පිහිටුවා ඇති අතර තායිලන්ත රජයේ සහාය ද ඒ සඳහා ලබාගත්තේ ය. තායිලන්තය හරහා කාම්බෝජ පුරාවස්තු පිටමං කිරීමට අපහසු වන විට සිංගප්පූරුව හරහා එය සිදු කිරීමට ජාවාරම්කරුවන් උත්සුක වී ඇත.

මැදපෙරදිග කලාපයේ සිදු වන පුරාවස්තු කොල්ලය ඉතා විශාල ය. 1991 ගල්ෆ් යුද්ධය අවස්ථාවේ ඉරාකයේ කෞතුකාගාර නවයක් ගිනි තැබූ අතර ඒවායේ තිබූ 3000ක් පමණ පුරාවස්තු අතුරුදන් විය. යුද පසුබිම මත පුරාවස්තු කෙරේ රජයේ අවධානය ගිලිහී යෑම නිසා ඉන් ප්‍රයෝජනය ගත් ජාවාරම්කරුවෝ පුරාවස්තු සොයා ඉරාකයේ පිටිසර ප්‍රදේශවල සිය ගණනක් මිනිසුන්ව “කුහුඹුවන් පොළොව හාරන්නාක් මෙන්” පොළොව හෑරීමට යොදා ගත්හ.

ලෙබනනයට ඛණිජතෙල් හැරුණු විට ආදායම උපද වන අනෙක් ප්‍රධාන ම මාර්ගය වී ඇත්තේ එරට පුරාවස්තු ය. එහෙත් මේ සම්පත නිර්ලජ්ජිත ලෙස කොල්ලකෑමට ලක්ව ඇත. පසුගිය යුද සමයේ එහි තිබුණු පුරාවස්තු අතුරින් 10,000කට අධික ප්‍රමාණයක් අතුරුදන් වීමෙන් මේ බව පැහැදිලි ය. ලෙබනනයේ සිටින අපරාධ කල්ලි අසල පිහිටි සිරියාවේ පුරාවස්තු ද කොල්ලකෑමේ නිරත වන බවත්, මේ ජාවාරම ධනවත් ව්‍යාපාරිකයන් මෙහෙයවන බවත් හෙළිදරව් වූ විශේෂ කාරණයකි. 1998 වර්ෂයේදී සිරියාවේ සිට කැනඩාවට රහසින් රැගෙන ගිය පුරාවස්තු 39ක් කැනේඩියානු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ය.

පුරාවස්තු කොල්ලයෙන් ඊජිප්තුවට ද ගැලවීමක් නැත. එරට ද ඇතැම් ධනවත් ව්‍යාපාරිකයෝ මේ ජාවාරම සමඟ සම්බන්ධ වී සිටිති. කයිරෝ නගරයට සැතපුම් 400ක් ඔබ්බෙන් පිහිටි ක්යිතා නමැති ස්ථානයේ කොල්ලකරුවෝ පුරාවස්තු හාරමින් සිටියහ. ඒ කොල්ලකරුවන් පිරිසව පොලිසිය වටලනු ලැබූ අවස්ථාවක කොල්ලකරුවකුගේ වෙඩිපහරින් පොලිස් නිලධාරියකු ද ජීවිතක්ෂයට පත් වී ඇත. මෙහි දී හෙළිවුණු කාරණය නම් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සයදෙනකු සඳහා එය මෙහෙයවූ ජාවාරම්කරුවා, එක් පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් 1000 බැගින් මුදල් ලබාදී ඇති බවයි.

තුර්කිය ද පුරාවස්තු ජාවාරම්කරුවන්ගේ තිප්පොළකි. මැදපෙරදිග රටවල පුරාවස්තු යුරෝපය සහ අමෙරිකාව බලා යැවෙන එක් මධ්‍යස්ථානයක් වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.