පීටර් හාන්ඩ්කේට නොෙබල් ත්‍යාගය පිරිනැමීමට විරෝධයක් ! | සත්මඬල

පීටර් හාන්ඩ්කේට නොෙබල් ත්‍යාගය පිරිනැමීමට විරෝධයක් !

පීටර් හාන්ඩ්කේට 2019 වසරේ සාහිත්‍යය පිළිබඳ නෝබල් ත්‍යාගය පිරිනැමෙන බවට හේතුපාඨවල සඳහන් වන්නේ ‘මානව අත්දැකීම්වල පරිරේඛාව සහ සුවිශේෂ බව, භාෂා දක්ෂතාවෙන් ගවේෂණය කර ඇති බලගතු කෘති වෙනුවෙන්’ යනුවෙනි.

සාහිත්‍ය කලා ආදි නිර්මාණකරුවන් මානවහිතවාදීන් ලෙස සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. අප දන්නා කියන අසා ඇති සාහිත්‍යකරුවන් අතර මානව දයාවෙන් තොර අයකු ගැන සිහිපත් කළ නොහැකි ය. එහෙත් 2019 වසරේ සාහිත්‍යය පිළිබඳ නෝබල් ත්‍යාගය පිරිනමනු ලැබූ පීටර් හාන්ඩ්කේ මානව දයාවෙන් තොර පුද්ගලයකු ලෙස නම් දරා සිටින්නෙකි.

ඔහු සර්බියාවේ කුප්‍රකට ජනඝාතන සාධාරණීකරණය කොට ලිපි එකතුවක් පළ කළා පමණක් නොවේ; ඒ ඝාතකයා වූ ඒ නිසා ම අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයේ චෝදනාවට ලක්ව නඩු පවරනු ලැබූ නඩුව පැවැති කාලයේ රක්ෂිත බන්ධනාගාරය තුළ අවසන් හුස්ම හෙළූ හෘදය සාක්‍ෂ්‍යයක් ඇති මිනිසුන්ගේ පිළිකුලට බඳුන් වූ සර්බියාවේ හිටපු ජනාධිපති ස්ලොබොදාන් මිලොසෙවික්ගේ අවමඟුලට ද සහභාගි විය.

සාක්ෂි ඉදිරිපත් වූයේ මිලොසෙවික්ගේ අණ යටතේ සර්බියානු හමුදාව එරට මුස්ලිම් ජනයාව තෝරමින් මරා දමන බවකි. ඝාතනයට ලක්වූ සංඛ්‍යාව 8,273ක් බව ඔවුන් වෙනුවෙන් ඉදි කෙරුණු ස්මාරකයේ සඳහන් ය.

ඔස්ට්‍රියාවේ උපත ලද ජර්මන් ජාතික පීටර් හාන්ඩ්කේ යනු ප්‍රකට නවකතාකරුවෙකි; නාට්‍ය රචකයෙකි; පරිවර්තකයෙකි; කවියෙකි. එමෙන් ම ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු පමණක් නොව තිරපිටපත් රචකයෙක් ද වෙයි. පීටර් හාන්ඩ්කේට 2019 වසරේ සාහිත්‍යය පිළිබඳ නෝබල් ත්‍යාගය පිරි නැමෙන බවට හේතුපාඨවල සඳහන් වන්නේ ‘මානව අත්දැකීම්වල පරිරේඛාව සහ සුවිශේෂ බව, භාෂා දක්ෂතාවෙන් ගවේෂණය කර ඇති බලගතු කෘති වෙනුවෙන්’ යනුවෙනි.

1960 දශකයේ අග භාගයේදී ‘Publikumsbeschimpfung’ (පොදු ජනතාවට නිගා කිරීම) නම් නාට්‍යය රචනා කරමින් ඔහු නිර්මාණ ක්ෂේත්‍රයට අවතීර්ණ විය. එමෙන් ම විචාරකයන්ගේ ඇගයුමට ලක්වූයේ ද ඒ සමඟ ම එළිදක්වන ලද ‘Die Angst des Tormanns beim Elfmeter’ (ගෝල් රකින්නාගේ කාංසාව සහ දඬුවම් පහර) නවකතාවයි. 1971 වසරේදී පීටර්ගේ මව සියදිවිහානි කරගත්තා ය. ඉන් ඇති වූ කම්පාවෙන් පීඩිත වූ ඔහු ඇයගේ දිවිය අලළා ‘Wunschloses Ungluck’ (සිහිනෙන් ඔබ ශෝකය) නවකතාව නිර්මාණය කළේ ය.

පීටර් හාන්ඩ්කේ උපත ලද්දේ 1945 වසරට පෙර ‘Deutsches Reich’ ලෙස හැඳින්වුණු වර්තමාන ජර්මනියේ ග්‍රිෆින් ප්‍රාන්තයේදී ය.

ඒ බැංකු ලිපිකරුවකු සහ ජර්මානු සොල්දාදුවකු වූ එරික් ෂැනේමන්ට දාව පීටර් ඔහුගේ මව වූ මාරියා කුස පිළිසිඳ ගත්ත ද, දරුවා බිහි වීමට පෙර එරික් ඇය හැර ගියේ ය. ඒ අතර පීටර් ඉපදීමට පෙර ඕ ට්‍රෑම් රථ කොන්දොස්තරවරයකු සහ හිටපු වෙහ්මාච්ට් සොල්දාදුවකු වූ බෘෘනෝ හාන්ඩ්කේ සමඟ විවාහ වූවා ය. පීටර්ට හාන්ඩ්කේ වාසගම ලැබෙන්නේ ඒ අනුව ය. මේ පවුල 1944 සිට 1948 දක්වා සෝවියට් අධිවාසනය පැවැති බර්ලින්හි පැන්කෝච් දිස්ත්‍රික්කයේ ජීවත් වූහ.

බෘෘනෝ හාන්ඩ්කේට දාව මරියා තවත් දරුවන් දෙදෙනකු බිහි කළා ය. පසුව ඔවුහු මාරියා උපන් නගරය වන ග්‍රිෆින් වෙත පදිංචියට ගියහ. මත්පැනට ගිජු සිය සුළු පියාගෙන් පීටර් බොහෝ ගැහැට වින්දේ ය.

1959 උසස් පාසලකට ඇතුළත් වූ ඔහු ඉන් සමත් ව 1961 වසරේදී ඔස්ට්‍රියාවේ ග්‍රාස් විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය. ඔහු සිය ලේඛන කටයුතු අරැඹූයේ උසස් පාසලේ අධ්‍යාපනය ලබන සමයේ බැව් සඳහන් ය.

1965 වසරේදී උපාධිය නොලබාම විශ්වවිද්‍යාලය හැරගිය හාන්ඩ්කේ ජර්මනියේ, ප්‍රංසයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ තැනින් තැන නැවතී සිටිමින් ලේඛනයේ නිරත විය. 1990 දශකයේ අග භාගයේදී යුගෝස්ලාවියානු විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතිකත්වයක් ලබාගැනීමෙන් ඔහුට ඔස්ට්‍රියානු පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහිමි වූයේ ද යන්න පිළිබඳ 2019 නොවැම්බර් මස මුලදී අදාළ බලධාරීන් විසින් නිල පරීක්ෂණයක් පවත්වන ලදි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ හාන්ඩ්කේ ලේඛකයකු ලෙස ඉස්මතු විය. එසමයේ ඔහු විශ්වවිද්‍යාල සිසුන්ගේ සමාජයක් වූ ‘ග්‍රාස් කතුවරුන්ගේ එකතුව’ට ද සම්බන්ධ වූයේ ය. මේ කණ්ඩායම සාහිත්‍යය පිළිබඳ සඟරාවක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ මුල් නිර්මාණ එහි පළ විය. කණ්ඩායම් සාමාජිකයන් අතර පසු කලෙක ඔස්ට්‍රියාවේ ප්‍රමුඛ ලේඛකයන් බවට පත් වූ වුල්ෆ්ගැන්ග් බවර් සහ බාබරා ෆ්‍රිෂ්මුත් ද සිටියා ය.

1965 වසරේදී ජර්මානු ප්‍රකාශන ආයතනයක් වන සුහර්කාම්ප් වර්ලාග් ඔහුගේ ‘Die Hornissen’(ඉංගිරිසි: The Hornets) නවකතාව ප්‍රකාශයට පත් කිරීමට භාර ගත්තේ ය. ඔහු සිය අධ්‍යාපන කටයුතු අත්හැර දැමූයේ ඉන් අනතුරුව යැයි පැවසෙයි. 1966 වසරේදී නිව් ජර්සිහි ප්‍රින්ස්ටන් නගරයේ පැවැති 47 කණ්ඩායමට ගොනු කළ හැකි නවරැල්ලේ හෙවත් ඇවන්ට්ගාඩ් කලාකරුවන්ගේ රැස්වීමකට සහභාගි වීමෙන් පසු ඔහු අන්තර්ජාතික අවධානයට ලක් විය. (47 කණ්ඩායම යනු 1947 - 1967 වසර අතර පැවැති නව පරපුරේ ජර්මානු ලේඛකයන්ගේ හවුලකි. එවකට ජර්මනියේ ප්‍රමුඛ ලේඛකයකු ව සිටි හාන්ස් වර්මර් රිච්ටර් විසින් මෙය අරඹන ලද්දේ නිර්මාණ මෙන් ම විවේචන ද ප්‍රවර්ධනය කිරීම සඳහා නවක නිර්මාණකරුවන් එක් ස්ථානයකට ගොනු කිරීමේ අරමුණ ඇතිව බව පැවසේ. මේ හවුල නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම සඳහා විශේෂ ත්‍යාගයක් ද වාර්ෂික ව පිරිනමන ලද බව සඳහන් ය.)

ඒ වසරේ ම ඔහුගේ ‘පොදු ජනතාවට නිගා කිරීම’ නම් නාට්‍යය එවකට සම්භාවනාවට ලක්ව සිටි ක්ලෝස් පේමන් විසින් නිෂ්පාදනය කරන ලදුව ෆ්‍රැන්ක්ෆර්ට්හි ඇම් ටර්ම් නම් රඟහලේ වේදිකා ගත විය. 1969 වසරේදී තවත් කිහිප දෙනකු හා එක් ව හාන්ඩ්කේ ‘වර්ලාග් ඩර් ඔටෝරෙන්’ නම් ප්‍රකාශන ආයතනය ඇරැඹී ය. එහි අයිතිය ගත් කතුවරුන් සතු වූ අතර නව වාණිජ සංකල්පවලට අනුව ක්‍රියාත්මක විය. ඔහු 1973 වසරේදී අරැඹි ඔස්ට්‍රියානු ලේඛක සංවිධානයක් වන ‘ග්‍රේසර් ඔටෝරෙන්වර්සම්ලං’ හි සමාරම්භකයකු වූ අතර 1977 වසර තෙක් සාමාජිකත්වය දැරී ය.

‘පොදු ජනතාවට නිගා කිරීම’ නාට්‍යය සම්මුතිගත පර්යේෂණාත්මක නාට්‍ය මාලාවක පළමුවැන්න විය. ඔහුගේ දෙවැනි නාට්‍යය වන ‘කැස්පර්’ හුදෙකලා කරනු ලැබ පිහියෙන් ඇන ඝාතනය කෙරුණු රාජ වංශිකයකු වූ කැස්පර් හෝසර්ගේ (1812 - 1833) ඛෙදවාචකය අලළා රචනා කරන ලද්දකි. කැස්පර් හෝසර්ගේ කතාව සමාජ පීඩනයට අනුගත වුවකුගේ දෘෂ්ටාන්තයක් බව හාන්ඩ්කේ පවසයි.

පීටර් හාන්ඩ්කේ සිනමාවට සම්ප්‍රාප්ත වූයේ 1975 වසරේ තිරගත වූ ජර්මානු චිත්‍රපට අධ්‍යක්‍ෂ විම් වෙන්ඩර්ස්ගේ ‘Falsche Bewegung’ (සදොස් චලිතය) නම් චිත්‍රපටයේ තිරපිටපත ලියමිනි.

මේ චිත්‍රපටය හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම තිරපිටපත, හොඳම සංගීතය සහ හොඳම කැමරාකරණය ඇතුළු හොඳම අංශවලට පිරිනැමෙන සම්මාන හතක් ඒ වසරේ ජර්මන් ජාතික චිත්‍රපට උලෙළේදී දිනා ගත්තේ ය.

ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 1978 වසරේ ය. ඒ තමාගේ නවකතාවක් වූ ‘Die linkshandige Frau’ (වමත හුරු කත) ඇසුරෙන් තමා ම තිරනාටකය ලියා අධ්‍යක්‍ෂණය කරමිනි. එනමින් ම යුත් චිත්‍රපටය ඒ වසරේ කෑන්ස් චිත්‍රපට උලෙළේ තරගකාරී අංශයට ඉදිරිපත් කරන ලදුව ‘රන් නෙරළුපත’ (Golden Palm) සම්මානය සඳහා නිර්දේශ කෙරිණි.

1975 සිට හාන්ඩ්කේ යුරෝපීය සාහිත්‍ය සම්මානය වන පෙට්‍රාර්කා-ප්‍රයිස්හි ද ජූරි සාමාජිකයකු ලෙස කටයුතු කළේ ය.

1996 වසරේදී හාන්ඩ්කේ Eine winterliche Reise zu den lüssen Donau, Save, Morawa und Drina oder Gerechtigkeit fur Serbien (ඉංගිරිසි: Journey to the Rivers: Justice for Serbia ) නම් සංචාර සටහන එළිදැක්වී ය. සර්බියාව යුගොස්ලොවියා යුද්ධයේ වින්දිතයකු බව ඔහු එහි පෙන්වා දුන්නේ ය. ඒ රචනාවේදීම හාන්ඩ්කේ ‘යුද්ධයේ හේතු සහ ප්‍රතිවිපාක වැරැදි ලෙස නිරූපණය කරන්නේ ’ යි බටහිර මාධ්‍යවල දැඩි දෝෂදර්ශනයට ලක් වුණේ ය. ඔහුට අපකීර්තියක් ගෙන ආයේ ඒ කෘතියයි.

සිය අපරාධ සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සර්බියා රජය හාන්ඩ්කේට නිර්ලෝභී ලෙස ගෞරව සම්මාන පුද කළේ ය. 2013 වසරේදී සර්බියා ජනරජයේ කුසලතා රන් පදක්කම හාන්ඩ්කේට පිරිනැමිණි. ඒ සඳහා වූ උත්සවයේදී එවකට සර්බියාවේ ජනාධිපතිවරයා වූ ටොමිස්ලාව් නිකොලික් කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ‘ක්‍රිස්තියානි ධර්මය වෙනුවෙන් පීඩා විඳි අය තවමත් සිහිපත් කෙරෙන බවත්, හාන්ඩ්කේගේ අදහස් නින්දා අපහාසවලට ලක්ව ඇති බවත්, එහෙයින් හාන්ඩ්කේ වින්දිතයකු බවට පත් ව ඇති බවත්’ ය. හාන්ඩ්කේ එයට පිළිතුරු දෙමින් තමා වින්දිතයා නොවන බවත් සර්බියානු ජනතාව ම වින්දිතයන් බවත් පැවැසී ය. නිකොලික් මෙයින් සර්බි මුස්ලිම්වරුන් සමූලඝාතනය සාධාරණීකරණය කරයි. මෙහි යටි අරුත වනුයේ ඒ මුස්ලිම්වරුන් ක්‍රිස්තියානි ආගමිකයන්ට හිරිහැරයක් ව සිටි හෙයින් ප්‍රශ්නයෙන් මිදෙන්න ඔවුන් සංහාරය කරන ලද බව ය.

2014 වසරේදී හාන්ඩ්කේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය විවේචනය කරමින් එය අහෝසි කර දැමිය යුත්තක් බව පැවසී ය. ‘එය සරඹකරුවන්, සතුන් සහ විදූෂකයන් රඟ දක්වන රඟ මඬලකි හෙවත් සර්කස් එකකි’යි ඔහු පැවසී ය.

2020 පෙබරවාරි මාසයේදී සර්බියානු ජනරජයේ පදක්කම් පිරිනැමීම සඳහා වන කොමිෂන් සභාව (The Commission for Decorations) ඔහුට ‘Order of the Star of Karadjordje’ නමින් හැඳින්වෙන සර්බියානු රාජධානියේ ඉහළ පදක්කම පිරිනැමීමට තීරණය කළේ ය. ඒ කොමිසමේ සභාපති සිමා අව්රමොවික් ඔහුට ඒ පදක්කම පිරිනැමීම ගැන විශේෂ පැහැදිලි කිරීමක් කළේ මෙසේ ය:

“ හාන්ඩ්කේ සර්බියාව සහ එහි පුරවැසියන් නියෝජනය කිරීමේ විශේෂ කුසලතා දැක්වූ අතර සර්බියාව පිළිබඳ සත්‍යය මුළු හදින්ම ආරක්ෂා කළේ ය.”

ඒ අනුව එරට ජාතික දිනය සේ සැලකෙන රාජ්‍යත්ව දින සැමරුම නිමිත්තෙන් පෙබරවාරි 16 වැනිදා සර්බියාවේ වත්මන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුෂික් විසින් හාන්ඩ්කේට ඒ පදක්කම පලඳවන ලදි.

සර්බියානු යුද්ධය අලළා ඔහු රචිත වියෙනාහි ප්‍රකට නාට්‍ය නිෂ්පාදක ක්ලෝඋස් පෙයිමාන් රංගගත කරන ලද ‘ලී ඔරුවකින් ගිය චාරිකාව’ (Voyage by Dugout) නම් නාට්‍යය දැඩි විවේචනයට ලක්විය. 1999 ජුනි 09 දා එය මුල්වරට වියෙනා හි බුර්ග්තියෙටර් හි වේදිකා ගත කළ දා සිට ම ඒ විවේචන එල්ල විය. එහි ඉංගිරිසි පරිවර්තනය නිව්යෝක්හි වේදිකා ගතවීමෙන් පසු එය නැරැඹූ සුසන් සොන්ටෑග්, ස්ලොවැක් ජිජැක්, අලේන් ෆින්කිල්ක්‍රවුට්, සල්මන් රුෂ්ඩි වැනි සුපතල විද්වත්හු එය හෙළා දුටුවහ.

කෙසේ වෙතත් විශිෂ්ට නිර්මාණකරුවකු වන හාන්ඩ්කේ නවකතා 30ක් පමණ රචනා කර ඇති අතර තිරනාටක රැසක් සඳහා දායකත්වය ලබා දී ඇත. ඔහු දිනා ගත් අනෙකුත් සම්මාන අතර 1973 වසරේදී ජෝර්ජ් බුච්නර් ත්‍යාගය, 1987 වසරේදී විලෙනිකා අන්තර්ජාතික සාහිත්‍ය ත්‍යාගය, 2014 වසරේදී අන්තර්ජාතික ඉබ්සන් සම්මානය සහ ජීවිත කාලය සඳහා 2018 වසරේදී ඔස්ට්‍රියානු නෙස්ට්‍රෝයි රඟහල ත්‍යාගය ප්‍රමුඛ ය.

ඉබ්සන් සම්මානය යනු ප්‍රකට නාට්‍යවේදි හෙන්රික් ඉබ්සන් අනුස්මරණය කිරීම් වස් නෝර්වේ රාජ්‍ය අනුග්‍රහයෙන් වාර්ෂිකව පිරිනැමෙන්නකි. එය හාන්ඩ්කේට ප්‍රදානය කරන බවට නිවේදනය කරනු ලැබූ විට එහි ජූරියට නොයෙක් දෝෂාරෝපණ සහ නින්දා එල්ල විය. ජූරිය ඉල්ලා අස්විය යුතු ය’යි ඇතැම්හු කෝපාවිශ්ට ලෙස හඬ නැගූහ.

යුගෝස්ලොවියානු රටවලට නේටෝ බෝම්බ හෙළනු ලැබීම සාධාරණීකරණය කරනු ලබන්නේ ද? හැන්ඩ්කේ ඉදිරිපත් කරන පැනය එයයි. සියලු මානව හිතවාදීහු එය එකහෙළා ප්‍රතික්‍ෂේප කරති. එහෙත් කිසිවෙක් මෙලොසොවික් අගය කළේ වත් ඔහුට දඬුවම් නොකළ යුතු යැයි කීවේ ද නැත.

එමෙන්ම හාන්ඩ්කේට 2019 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීමට නොබෙල් කමිටුව ගත් තීරණය විද්වතුන් ඇතුළු සියලු දෙනා හෙළා දකින ලද්දේ ඒ නිසා ය. හොලොකෝස්ට් ඉතිහාසඥ ඩෙබොරා ලිප්ස්ටැඩ් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිපියක් සපයමින් නොබෙල් කමිටුව හාන්ඩ්කේගේ ව්‍යාජ ප්‍රකාශ සාධාරණීකරණය කරමින් මේ තෑග්ග පිරිනැමීම මඟින් ඒත්තු ගැන්වෙනු ඇතැයි ඇය එහි සඳහන් කරයි. ලේඛක ජොනතන් ලිටෙල් පවසන්නේ හාන්ඩ්කේ අපූරු කලාකරුවකු විය හැකි නමුත් මිනිසකු ලෙස ඔහු තමාගේ සතුරකු බවයි. ‘ඔහු මහා අපතයෙකි’යි ඔහු වැඩිදුරටත් පවසයි. සමහර කලාකරුවන් දේශපාලන දෘෂ්ටි වෙනුවෙන් සිය මිනිසත් බව අත්හැර දැමුවෝ’යි සිනමාකරුවකු, ලේඛකයකු මෙන් ම මානව ශාස්ත්‍රඥයකු ද වන ස්ලෝවේනියාවේ ආචාර්ය මිහා මසිනි පවසයි.

ආචාර්ය මසිනි ඒ සඳහා තවත් නිදර්ශන තුනක් ඉදිරිපත් කරයි. පළමුවැන්නා 1920 වසරේ නෝබල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් නෝරිවිජියානු ලේඛක නුට් හැම්සුන් (1859 - 1952) ය. නුට් හැම්සුන් යනු නූතන සාහිත්‍යයේ පිතෘ යැයි 1978 වසරේ නෝබල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ඉසාක් බෂෙවිස් සිංගර් (1902 - 1991) විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය මෙහිලා වැදගත් ය. එහෙත් හැම්සුන් ක්රෑරත්වය අතින් ලෝක ඉතිහාසයේ අංක 1 දරන ස්ථානයේ සිටින මහා ජනඝාතකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසිවාදය වෙනුවෙන් පෙනී සිටියේ ය. දෙවැන්නා ප්‍රංසයේ විසූ සම්මානලාභී නවකතාකරුවකු මෙන් ම සිනමාකරුවකු ද වූ ලුයි සෙලින් (1894 - 1961) ය. ඔහුගේ යුදෙව් විරෝධි බව ප්‍රකට කරුණකි. දෙවැනි ලෝක මහා යුද සමයේ ඔහු සිය මිතුරන්ට හා හිතවතුන්ට යුදෙව්වන් සමූලඝාතනය කළ යුත්තේ මන්ද යැයි විස්තර කෙරෙන ලිපි යවා ඇත. ඔහුගේ අභාවයෙන් වසර 50ක් සපිරුණු දා ප්‍රංසයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් එරට ජාතික සංස්කෘතිය මූර්තිමත් කරන පුද්ගලයන් 500 දෙනාගේ ලැයිස්තුවෙන් (500 French Cultural Icons) ඔහුගේ නම කපා හරින ලදි. තුන්වැන්නා සම්මානනීය සර්බියානු සිනමාවේදී එමිර් කුස්තුරිකා ය. ඔහු ද ස්ලොබෙදාන් මෙලොසොවික් සමඟ එකට සිටගත් අයෙකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.