සාහිත්‍යකලා හා වමේ මතවාදය සමඟ යම් යම් වියවුල් සහගත එළැඹීම් ද දැකිය හැකි ය. තේමාව හා තර්කණය අතින් පැරැණි බවක් ගම්‍ය කරන මේ සාකච්ඡාව අද්‍යතන පරම්පරාව කෙරේ අලුත් වටයකින් අවබෝධයක් ජනිත කරවන්නක් ද විය හැකි ය. තේමාව විසින් ම අඟවනු ලබන අර්ථ අනුව නම් මෙමඟින් උක්ත වන අඩවිය එතරම් විරල නොවන මෙන් ම ප්‍රාමාණික ලෙස සාකච්ඡාවට බඳුන් වූ ප්‍රවාදයක් බව පෙනී යයි. සාහිත්‍යකලා ලෙස මෙතැනදී...